කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද කොරෝනා වලින් පීඩාවට පත්ව සිටින චීනයේ ජනතාවට මෙරට ජනතාවගේ සහයෝගය පළ කරන බව තේමාකරගනිමින් චිත්‍ර කිහිපයක් පසුගියදා මෙරට චීන තානාපති කාර්යාලය විසින් චීනයට යැවීමට පියවර ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් චීන ජනාධිපති ආර්යා පෙන්ග් ලියුආන් මහත්මිය සිය ප්‍රසාදය පළ කර ලිපියක් එවා ඇති බවයි කොළඹ දේවිබාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි සදහන් කරයි.
මෙම සිතුවම් චීන ජනතාව වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ අවංක මිත්‍රත්වය පෙන්නුම් කරන බවත් මෙහිදී පෙන්ග් මහත්මිය ප්‍රශංසා කර ඇත.