රවී කරුණානායක, ඇතුළු 11 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේ ය.
රවී කරුණානායක, අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, රංජන් හුළුගල්ලේ, මුත්තුරාජා සුරේන්ද්‍රන්, ආජාන් පුංචිහේවා, බුද්ධික සරත්චන්ද්‍ර, සංගරපිලේලෛයි පදුමනාපන් ,ඉන්දික සමන්කුමාර යන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වරේන්තු නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය මාර්තු 06වනදාට ලබා දෙන බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය කර ඇත.