බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ මැද කොටසේ ඉලුක් සහිත ඉඩමක ඊයේ (03) දින රාත්රියේ හටගත් ගින්නකින් අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව වතු පාලන අධිකාරිය පවසයි.
ඉලුක් සහිත ඉඩමේ හටගත් ගින්න ඉඩමට යාබදව තිබු වතු නිවාස වලට පැතිර යාමේ අවධානමක් පැවති නිසා අවට එම වතුයායේ පදිංචි වතු කම්කරුවන් එක් වි දැඩි පරිශ්රමයක් දරා පැතිර ගිය ගින්න පාලනය කිරිමට සමත්විණ.
ගිනිගෙන විනාශ වු ඉලුක් සහිත ඉඩමේ තේ වතු ආශ්රිතව සැරිසරන වන සතුන්ගේ වාසස්ථානය වි තිබු බවත්, ගින්න හේතුවෙන් වන සතුන් තේ වතු වලට සහ වෙනත් ආරක්ෂිත ස්ථාන වලට යන්නට ඇති බවයි වතු කම්කරුවන් පවසන්නේ.
එම වතුයායේම කිසියම් පිරිසක් විසින් ඉලුක් සහිත ඉඩමට ගිනි තබන්නට ඇති බවට වතු අධිකාරිය සැකකරයි.