පාර්ලිමේන්තුව විසිරවීමෙන් පැය 24 ක් ගතවීමට පෙර සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුව වෙත භාර දුන් කථානායකවරයා පාර්ලිමේන්තුවේ සියළු අංශ වෙත ගොස් පාර්ලිමේන්තු කාර්යයමණ්ඩලය ට සමු දුන්නේය.
සිය ධුර කාලය තුළ මුහුණ දුන් විවිධ දුෂ්කර තත්වයන් හමුවේ සේවය සළසමින් රාජකාරි ඉටු කිරීම පිළිබඳව හෙතෙම කාර්යය මණ්ඩලයට ප්රශංසා කළේය.