Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මෙරටට ආවේනික වු සතුන් රහසිගතව ඇල්ලු විදේශිකයන්  රක්ෂිත බන්ධනාගාරයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයට ඇතුල් වි වන උද්‍යානය තුල වෙසෙන මෙරටට ආවේනික වු සතුන් අල්ලා රැගෙන යාමට තැත් කල රුසියානු ජාතිකයන් තිදෙනෙක් හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ නිලධාරින් විසින්  සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරුවන් නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ දිසා විනිසුරු ප්‍රබෝධ ජයසේකර මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව විදේශිකයන් තිදෙනා මේ මස 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලා.

මිට දින 15 කට ප්‍රථම මෙරටට පැමිණ ඇති රුසියානු ජාතිකයන් තිදෙනෙකුයි මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ.

අවුරුදු 30 -40 වයස් කාණ්ඩවල පසුවන සැකකාර රුසියානු ජාතිකයන් තිදෙනා හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානය වෙත ඇතුල් වි උද්‍යානය තුල වෙසෙන මෙරටට ආවේනික වු ගොනුස්සන් , කටුස්සන් ,සමනලයන් ඇතුළු තවත් සතුන් කිහිපදෙනෙකු අල්ලා එම සතුන් විශේෂ බදුන් වලට දමා සිටියදි හොර්ටන්තැන්න වන උද්‍යානයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර රැසියානු ජාතිකයන් තිදෙනා  හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයට ඇතුල් වි ඇති බවත්, සැකකරුවන් තිදෙනා දිවයිනේ ස්ථාන කිහියකම සංචාරය කර මෙරටට පමණක් ආවේනික වු කුඩා වන සතුන් අල්ලා ඇති බවටද තොරතුරු අනාවරණ්‍ය වි ඇත.

සතුන් ඇල්ලිම සදහා උපයෝගි කරගත් උපකරණ රැසක් සහ සැකකරුවන් විසින්අල්ලා ප්ලාස්ටික් බදුන් වල දමා තිබු කුඩා වන සතුන් කිහිපයක්ද වනජිවි නිලධාරින් භාරයට ගෙන ඇත.

Scroll to Top