Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

හැටන් පොලිසියේ අර්ධ වාර්ෂික පරික්ෂණය අභිමානවත් ලෙස පවත්වයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හැටන් පොලිසිය මගින් හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා වෙනුවෙන් අර්ධ වාර්ෂිකව පවත්වන පරික්ෂණය අභිමානවත් ලෙස අද (03) දින හැටන් ඩන්බාර් ක්‍රිඩාංගනයේදි පැවැත් විණ.

හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පි.ඩබ්ලිව් .එස්.ඩි පලියහවඩන මහතා විසින් පොලිස් අධිකාරිවරයා  වෙනුවෙන් පොලිස් උත්තමාචාරයක් සහ  උත්තමාචාර පෙලපාලියක්ද හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණයේදි පවත්වනු ලැබුහ.

හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණයේ සිට  පොලිස්  අචාර්ය පෙලපාලිය පාසල් තුර්ය වාදක කණ්ඩායම මධ්‍යයේ හැටන් නගර හරහා හැටන් පොලිසිය දක්වා ගමන් කලහ.

හැටන් පොලිසිය මගින් පැවැත් වු අර්ධ වාර්ෂික පරික්ෂණයට පොලිස් අධිකාරි කේ.බි.රණවිර , සහකාර පොලිස් අධිකාරි රසික රත්නායක මහතා ඇතුළු හැටන් පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන 8 ක පොලිස් ස්ථනාධිපතිවරුන්ද සහභාගි විය .

Scroll to Top