මස්කෙලිය පොලිස් වසමට අයත් ගාඩ්මොර් සහ මරේ දිය ඇලි දෙක අතර පිහිටි පික්ෆිල්ඩ් වතු යායට අයත් රක්ෂිතයේ හටගත් ගින්න මේ වන විට තරමක් පාලනය කර ඇති බවයි එම වතු යායේ වතු අධිකාරි සුජිව මැදවත්ත මහතා පැවසිය.
අද (03) දින උදැසන මවුස්සාකැලේ ජලාශයට ඉහලින් දිය ඇලි දෙක අතර රක්ෂිතයේ හටගත් ගින්න කදු මුදුණ දක්වා පැතිර ගිය බවත්, පැතිර ගිය ගින්න තම වතුයායේ වතු කම්කරුවන් සහ ආරක්ෂක අංශ නිලධාරින් එක්ව මේ වන විට තරමක් පාලනය කර ඇති බවයි වතු අධිකාරිවරයා කියා සිටියේ.
ශ්‍රි පාද රක්ෂිතයේ සිට ගාඩ්මොර් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඇළ මාර්ගය ගින්න පැතිර යමින් පවතින ස්ථානයට ඉහලින් පිහිටා ඇති බවත්, පැතිර යන ගින්න ඇළ මාර්ගය අසලින් නතර බවත්, පැතිර යන ගින්න පාලනය කිරිමට තම වතුයායේ මායිම් කොටසේ ගිනපටි සකස් කර ඇති බවද වතු අධිකාරිවරයා පැවසිය.
කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.
ගින්නෙන් අක්කර 5 පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බවද වතු අධිකාරිවරයා පැවසිය.