මහනුවර , පල්ලේකැලේ ක්රීඩාංගණයේදී පැවැති 3වන සහ අවසන් එක්දින තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.
කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්රිකට් තරගාවලිය තරග 3 ට 0ක් ලෙස ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට හැකිවිය.
ශ්රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 307ක් රැස් කර ගත්තා.ජයග්රහණය සඳහා ලකුණු 308 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව් ක්රීඩකයින්ට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 301 ක් පමණි.
අවසන් තරගයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන දිනා ගත් අතර, වනිඳු හසරංග තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ය.
කොදෙව් – ශ්රී ලංකා තරග දෙකකින් සමන්විත පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලිය අනිද්දා පල්ලේකැලේදී ආරම්භ වේ.
ලකුණු සාරාංශය
ශ්රී ලංකාව පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 307 යි. (අවිශ්ක ප්රනාන්දු 29, දිමුත් කරුණාරත්න 44, කුසල් පෙරේරා 44, කුසල් මෙන්ඩිස් 55, ඇන්ජලෝ මැතිව්ස් 12, ධනංජය ද සිල්වා 51, තිසර පෙරේරා 38, වනිඳු හසරංග 16, ඉසුරු උදාන 2, ලක්ෂාන් සඳකැන් 0, නුවන් ප්රදීප් (නොදැවී) 0, ශෙල්ඩන් කොට්රෙල් 1/58, ජේසන් හෝල්ඩර් 2/68, අල්සාරි ජෝසප් 4/65, රොස්ටන් චේස් 1/51, හේඩ්න් වොල්ෂ් 0/20, කිරන් පොලාඩ් 1/36)
බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 301 යි. (ශායි හෝප් 72, සුනිල් ඇම්බ්රිස් 60, නිකොලස් පූරන් 50, කිරන් පොලාඩ් 49, ඩැරන් බ්රාවෝ 8, ජේසන් හෝල්ඩර් 8, ෆැබියන් ඇලන් 37, හේඩ්න් වොල්ෂ් 2, රොස්ටන් චේස් 0, අල්සාරි ජෝසප් (නොදැවී) 0, ශෙල්ඩන් කොට්රෙල් (නොදැවී) 0, නුවන් ප්රදීප් 0/22, තිසර පෙරේරා 0/54, ඉසුරු උදාන 1/76, ඇන්ජලෝ මැතිව්ස් 4/59, ලක්ෂාන් සඳකැන් 0/31, වනිඳු හසරංග 1/41, ධනංජය ද සිල්වා 0/13)