සියලුම පුරවැසියන්ට නිවෙස් තුලටම වී සිටින්නැයි දකුණු කොරියානු රජය නිවේදනය කර සිටිනවා. එරට රජය මෙම නියෝගය ලබාදී ඇත්තේ ගතවූ පැය 24 තුලදී නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 813 දෙනෙක් එරටින් වාර්තා වීමත් සමගයි. දිනයක් තුලදී දකුණු කොරියාවෙන් වාර්තාවූ වෛරස් ආසාධිතයින් සංඛ්‍යාව මෙය වනවා.
දකුණු කොරියාවෙන් වාර්තා වන මුළු කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 3150ක් වනවා.
මාධ්‍ය හමුවක් පවත්වමින් දකුණු කොරියාවේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රටේ තත්ත්වය ඉතා තීරණාත්මක මොහොතකට ලඟා වී ඇති බවයි.
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා ජනතාවගේ සහය අවශ්‍ය බවත් ඒ හේතුවෙන් මහජන රැස්වීම්, ආගමික වතාවත් සඳහා සිදුකරන ඒකරාශීවීම් වලට නොයා හැකිතාක් දුරට නිවෙස්වලටම වී සිටින්නැයි ඔහු ඉල්ලා සිටියි.