බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර සීතා අරඹේපොල මහත්මිය පසුගිය දිනෙක පානදුර පොදු වෙළඳ සංකීර්ණය සහ ඒ අවට භූමිය හදිසියේ පරීක්ෂාවට ලක් කළ අතර එහිදී එම වෙළෙඳ සංකීර්ණය දැඩි ලෙස අබලන් වී ඇති බවත් ඒ හරහා ඇතිව ඇති අවදානම් තත්වය මත පැරණි අබලන් වූ වෙළෙඳ සංකීර්ණය වෙනුවට නව වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු වෙනුවෙන් ඊට අදාළ කණ්ඩායම් ආණ්ඩුකාරවර කාර්යාලයට කැඳවා ඒ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණ.
පානදුර නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක මහතා,ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතා,පානදුර වෙළෙඳ සංගමයේ සභාපතිතුමන්,ලේකම්තුමන් සහ වෙළෙඳ සංගමයේ නියෝජිතයින් පිරිසක් ද නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයින්,පළාත් පාලන ලේකම්තුමිය ඇතුළු පිරිසක්ද එයට එක්වී සිටියා.
එම සාකච්ඡාවේදී පවතින ගැටලු පිළිබඳව සහ ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු සාකච්ඡාවට ලක් වූ අතර එම වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීම වෙනුවෙන් අවශ්‍ය මූලික කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කිරීමට ආණ්ඩුකාරතුමිය උපදෙස් ලබා දුනි.
වසර ගණනාවක් සිට නිසි විසඳුමක් නොලැබුණු පානදුර වෙළෙඳ සංකීර්ණයේ ගැටළුවට ආණ්ඩුකාරතුමියගේ මැදිහත් වීමෙන් නව වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිම් කටයුතු නොදුරේදිම ඇරැඹීමට නියමිතයි.