කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා මෙතෙක් ධාවනය වු පොඩි මැණිකේ (105) දුම්රියේ එන්ජිම සහ මැදිරි වෙනුවට චිනයෙන් ආනයනය කල නව දුම්රිය (S12) එන්ජිම් සහ දුම්රිය මැදිරි (28) දින සිට ධාවනයට එක් කර ඇත.
දුම්රිය සේවය ගුණාත්මක මගි ප්‍රවාහන සේවාවක් බවට පත් කිරිම සදහා වත්මන් රජය මගින් සිදු කරන වැඩපිලිවෙලට සමගාමිව දුම්රිය රාජ්‍යය අමාත්‍යය සි.බි.රත්නායක අමාත්‍යවරයාගේ යෝජනාවක් අනුව ආනයනය කරන ලද නව දුම්රිය එන්ජිම් (S12)සහ මැදිරි ධාවනයට එක් කර ඇත.
බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන උඩරට මැණිකේ දුම්රිය (1006) වෙනුවට චිනයෙන් ආනයනය කරන ලද (S12) නව දුම්රිය එන්ජිම් සහ මැදිරි කඩිනමින් ධාවනයට එක් කරන බවත්,දිනපතා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රියට අමතරව කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සිඝ්‍රගාමි දුම්රියක් ධාවනයට එක් කිරිමට දුම්රිය දෙපාර්තුමේන්තුව සැලසුම් කර ඇත.
චිනයෙන් ආනයනය කරන ලද නව දුම්රිය එන්ජිම් සහ මැදිරි උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට සුදුසු තත්ත්වයට තිබේද යන්න පිලිබදව පසුගිය දා එම දුම්රිය එන්ජිම් සහ දුම්රිය මැදිරි පරික්ෂණ චාරිකාවකට එක් කර තිබුණි.
වායු සමිකරණය කරන ලද මැදිරි දෙකක් , දෙවන පන්තියේ මැදිරි දෙකක් සහ තුන්වන පන්තියේ මැදිරි හතරක් , භෝජනාගාරයක් , එන්ජිම් දෙකකින් ධාවනයට එක් කල නව දුම්රිය සමන්විත වේ.
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා මෙතෙක් ධාවනය වු පොඩි මැණිකේ සහ උඩරට මැණිකේ දුම්රියන් නගරාසන්න දුම්රිය ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසිය.