තුර්කි තානාපතිනි ආර්. ඩිමෙට් සෙකසියොග්ලූ (R. Demet Sekeroioglu) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි.
ඒ අනුව, නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි තුර්කි තානාපතිනි ආර්. ඩිමෙට් සෙකසියොග්ලූ උණුසුම් අයුරින් නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලද අතර, මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ තුර්කි තානාපතිනිය වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත විය.
මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.