Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගනියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට පෙර ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ  දෙවන එක්දින තරගය ලකුණු 161කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විමත් සමගය.

කුසල් මෙන්ඩිස් 119 ක් රැස්කළ අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 127 ක් රැස් කළේය.

තිසර පෙරේරා රැස් කළ ලකුණු සංඛ්‍යාව 36ක්.

ඒ අනුව ශ්‍රී ලංකා පිල සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු .8 ක් දැවී ලකුණු 345 ක් රැස් කරගත්තේය.

පන්දුවාර 39යි එක් පන්දුවකදී කොදෙව් ඉනිම සියලු දෙනා දැවි ලකුණු 184 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණි.

ශ්‍රී ලංකා ඉනිමේදී පිතිකරුවන් විසින් හතරේ පහරවල් 33ක් එල්ල කරනු ලැබූ අතර එකඳු හයේ පහරක් හෝ ඊට අයත් වුයේ නැහැ.

කරන් පොලාඞ් තරගය අවසන් වීමෙන් පසුව පැවසුවේ තමන් වෙතින් උඩ පන්දුව ගිලිහී යෑම නිසා කුසල්ගේ ශතකයට තමන්ටම ස්තූතිය පළ කරගන්නා බවයි.

ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට පැමිණි ක්‍රීඩාලෝලීන් පිරිසක් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගැනීමත් සමග එහි නොසන්සුන් තත්ත්වයක් ඇති විය.

විදුලි ආලෝක කුළුණක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් තරගය තාවකාලිකව මදවේලාවකට නැවැත්වීමට ද සිදුවිය.

Scroll to Top