තේ වගාවට මාස කිහිපයක සිට රසායනික පොහොර නොයෙදිම නිසා තේ ඵලදාව සිඝ්‍ර ලෙස පහල වැටි ඇති බව වතු අධිකාරිවරුන් පැවසිය. අවසන්වරට මිට මාස තුනකට ප්‍රථම තේ වගාවන් සදහා රසායනික පොහොර යෙදු බවත්, ලබන මාසය තුල මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට වර්ෂාව පතිත වන නිසා මේ වන විට තේ වගාවට අවශ්‍යය රසායනික පොහොර තොග රැස් කර යුතු බවයි වතු අධිකාරිවරුන් කියා සිටින්නේ.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමගද තේ වගාවේ ඵලදාව අඩු වි ඇති නිසා වැසි පතිත වනවාත් සමග තේ වගාවට අනිවර්යයෙන්ම රසායනික පොහොර යෙදිය යුතු බවයි වතු අධිකාරිවරුන් පෙන්වා දෙන්නේ.
දේශිය වෙලපොලේ තේ වතු සමාගම් විසින් රසායනික පොහොර මෙරටට ආනයනය කරන පෞද්ගලික සමාගම් වෙතින් ඇණවුම් කර ඇතත් , පොහොර සමාගම් එම ඇණවුම් ලබාදිමට මේ වන විට අපොහොසත් වි ඇති බවද වතු අධිකාරිවරුන් කියා සිටියි.
මේ දිනවල තේ නිෂ්පාදනයේ අඩුවක් පවතින නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දිමට නොහැකි නිසා ලෝක වෙලදපොලේ ශ්‍රි ලංකාවේ තේ සදහා හොද මිලක් ලැබි ඇති බවයි වතු අධිකාරිවරුන් වැඩි දුරටත් කියා සිටින්නේ.