කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් , බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් දිනපතා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රියට අමතරව විශේෂ දුම්රියක් ධාවනයට එක් කරන බව දුම්රිය සේවා රාජ්‍යය අමාත්‍යය සි.බි.රත්නායක මහතා පැවසිය.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් සි.බි.රත්නායක මහතා කියා සිටියේ රාත්‍රි තැපැල් දුම්රියේ ධාවන කාලසටහනට අනුව එම දුම්රිය ධාවනයට ප්‍රථම හෝ ඊට පසුව මෙම විශේෂ දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල දක්වාත් , බදුල්ලේ සිට කොළඹ දක්වාත් සිඝ්‍රගාමි දුම්රියක් ලෙස ධාවනයට එක් කිරිමට සැලසුම් කර ඇති බවයි.
චිනයෙන් ආනයනය කරන ලද දුම්රිය එන්ජිම් සහ මැදිරි ධාවනයට එක් කිරිම සදහා මේ දිනවල එම දුම්රිය කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා පරික්ෂණ චාරිකාවක් සදහා ධාවනය කරවු බවත්, එම පරික්ෂණ චාරිකාව සාර්ථකව නිම කල නිසා කඩිනමින් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් බදුල්ලේ සිට කොළඹ දක්වාත් රාත්‍රි සිඝ්‍රගාමි දුම්රියක් ලෙස ධාවනයට එක් කරන බවයි රාජ්‍යය අමාත්‍යය සි.බි.රත්නායක මහතා කියා සිටියේ.