සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන එක්දින ක්රිකට් තරගයේ දී දශක ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්රනාන්දු සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ආරම්භක පිතිකරු අවිෂ්ක ප්රනාන්දු (127) සහ කුසල් මෙන්ඩිස් (119) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 239 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්රී ලංකා ඉනිම ගොඩනැගූහ.
ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 345ක් ලබා ගැනීමට සමත් වුණි.