ගුරු – විදුහල්පති අතුරු වැටුප් චක්‍ර ලේකණය නිකුත් කිරිම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු – විදුහල්පති සංගම් රැසක් ලෙඩ නිවාඩු දමා (26) දින නියැලෙන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට වතුකරයේ පාසල් වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වැඩි පිරිසක් සහයෝගය දක්වා නොමැති බව වතුකරයේ ගුරු සංගම් පවසයි.
වතුකරයේ සියළුම පාසල් වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වැඩි පිරිසක් සේවයට වාර්තා කර තිබු අතර , ගුරුවරුන් කිහිපදෙනෙකු පමණක තැපැල් කාර්යයාල වෙත ගොස් විදුලි පුවත්පත් මගින් ලෙඩ නිවාඩු වාර්තා කරන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.
වතුකරයේ පාසල් වලට බහුතර ගුරුවරුන් පිරිසක් සේවයට වාර්තා කර ඇති නිසා පාසල් වල අධ්‍යයන කටයුතු සමාන්‍යය පරිදි සිදු කරන බව විදුහල්පතිවරුන් කියා සිටියි.