Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජනාධිපතිට රට හදන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපි හදලා දෙන්න ඕන

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණා කියලා එතුමා මැජික් කාරයෙක් නෙමෙයි මේ රට වෙනස් කරන්න.ඒ සඳහා අපි එතුමාට උදව් කරන්න ඕනකම තියෙනවා.එතුමා බලාපොරොත්තු වෙන වෙනස්කම් ටික කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපි හදලා දෙන්න ඕන යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, තරුණ කටයුතු රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ මිහින්තලය නගරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ප්‍රාදේශීය බල මණ්ඩලය අමතමින්ය.එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යයවරයා.

ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණා කියලා එතුමා මැජික් කාරයෙක් නෙමෙයි මේ රට වෙනස් කරන්න.ඒ සඳහා අපි එතුමාට උදව් කරන්න ඕනකම තියෙනවා.එතුමා බලාපොරොත්තු වෙන වෙනස්කම් ටික කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපි හදලා දෙන්න ඕන, ගෝඨාභය මහත්තයා දැන් ජනාධිපති, මේ රටේ අවශ්‍යය කරන වෙනස්කම් කරන්න නම් පාර්ලිමේන්තුවේ බලය අපි අරන් දෙන්න ඕන, නිකං බලයක් අරං දීලා හරියන්නේ නෑ, දැනටත් පාර්ලිමේන්තුවේ බලයක් අපිට නැති වුණාට අපි පහුගියේ මැතිවරණ ප්‍රථිපල එක්ක සංසන්දනය කරලා බැලුවාම මන්ත්‍රී ආසන 120 ක් පමණ ගන්න පුළුවන්, ඒ කියන්නේ ආණ්ඩුවක් හදා ගන්න අවශ්‍යය ඡන්ද ටික තියෙනවා, හැබැයි අපිට අවශ්‍යයි 2/3 ක පාර්ලිමේන්තුවක් සහිත ශක්තිමත් ආණ්ඩුවක්.අපි දන්නවා මේ රටේ වෙනස් කළ යුතු බොහෝ දේ තියෙනවා.

එකතු කළ යුතු බොහෝ දේවල් ත‍ියෙනවා, අයින් කරන්න ඕන දේවල් බොහෝමයක් තියෙනවා.සමහර නීති රීති පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕන.නායකයාට ඕනකම තිබුණට විතරක් මේවා කරන්න බෑ,සමහර නීති තියෙන්නේ සුද්දාගේ කාලේ ගෙන ආපුවා.අපේ පාරවල් කාපට් වෙලා, ගුවන් පාලම් හැදිලා තියෙනවා, අධිවේගී මාර්ග හැදිලා තියෙනවා හැබැයි තාමත් අපේ පාරක වේගය පැයට කිලෝ මීටර 80 යි, අපේ ගම් ඇතුලේ පාරවල් වලත් 80 ට වඩා යනවා.තාම රටේ නීතිය තියෙන්නේ 80 යි.මේවා වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් තියෙන්න ඕන. ඉවත් කරන්න ඕන නීති -රීති වෙනස් කරන්න, එකතු කරන්න ඕන එවා එකතු කරන්න බලයක් ඕන.ඒ තුළ තමයි රට හැදෙන්නේ.

පහුගිය කාළවල මැතිවරණයක් අපි දිනුවම පැරදුන අයව ගණන් ගත්තේවත් නෑ, පැරදුන කෙනා කොන් වෙනවා.දැන් එහෙම කරන්න බෑ.දෙකට බෙදිලා හිටිය පක්ෂ වල නායකයෝ දැන් එකතු වෙලා සන්ධාන හදලා තියෙනවා.

ගම බෙදිලා වැඩක් නෑ දැන්, පහුගිය මැතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විරුද්ධව වැඩ කරපු කෙනා, විරුද්ධව රැස්වීම් කරපු කෙනා, දුමින්දට බැනලා, මඩ ගහපු අය දැන් ගෝඨාභය මහත්තයා කරන වැඩේ හරි නම්, එකතු වෙන්න කැමති නම් අපේ කඳවුරට රට හදන කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන්න කැමති නම් දැන් අපි අපේ දොර වහලා වැඩක් තියෙනවාද? දැන් අපි ඒ හැමෝම එකතු කර ගන්න ඕන නේද? ඉතිහා‍සයේ ඉඳන් අපේ පුරුද්ද තිබුණේ අපි ආණ්ඩුවක් හදා ගත්තම, උදව් නොකරපු එකෙකුට ලං වෙන්න දෙන්නේ නෑ,තහඩු ටික, කොන්ත්‍රාත් ටික, රැකියා ටික, අපිටම ගන්න, තොපි තොපේ ආණ්ඩුවක් අරගෙන තමයි ඒවා ගන්න ඕන කියලා අපි හිතුවේ.

එහෙම හිතන්න හිතන්න අපි රටක් විදිහට විනාශය කරා යනවා මිසක් සංවර්ධනයකට යන්නේ නෑ.මේ දේශපාලන බෙදීම මැතිවරණ කාළයට පමණක් සීමා කරලා, රට හදන කණ්ඩායම විදිහට හැමෝම එකට අත්වැල් බැඳ ගත්තොත් හැමෝම මේ කඳවු‍රේ සාමාජිකයෝ කර ගත්තොත් අපිට ලේසියෙන්ම පාර්ලිමේන්තුවේ බලය ලබා ගතහැක.

මේ දවස් වල මනාපය වෙනුවෙන් ඇතැම් අය පුටු, රැකියා ඉල්ලුම් පත්‍ර, ඉඩම් ඉල්ලුම් පත්‍ර බෙදනවා. ලංකාවටම රැකියා දෙන්නේ ලක්ෂයයි, සමහර අය අනුරාධපුරයේම බෙදලා තියෙනවා රැකියා ඉල්ලුම් පත්‍ර ලක්ෂ 02 ක් විතරම.දෙන්න ඉඩමක් නෑ, ඉඩම් බෙදනවා කියලා ලැයිස්තු හදනවා.තව කට්ටිය සමිති වලට පුටු බෙදනවා, තව අය කියනවා ඊළග ආණ්ඩුවේ අහවල් ඇමති මම කියලා, තව අය කියනවා මම තමා අහවලාගේ නියෝජිතයා කියලා.

මේ සේරම කරන්නත් අපි අනුරාධපුර‍ දිස්ත්‍රික්කයේ 07 දෙනෙක් පාර්ලිමේන්තු යවන්න අවශ්‍යය ඡන්ද ටික හදලා ඉන්න ඕන නේද? ඒ ටික හැදුනම නේද මොකාද යවන්න ඕන කියලා හිතන්න ඕන.මිනිස්සු රවට්ටන අය පාර්ලිමේන්තු ගියාට ර‍ට හැදෙන්නේ නෑ, ඉස්සරලම රට හදන්න හොඳ කණ්ඩායමක් පාර්ලිමේන්තු යවන්න පදනමක් අපි හදා ගන්න ඕන, ඊට පස්සේ ගෝඨාභය මහත්තයාගේ මතවාදයේ හිට ගන්න පිරිසක් පාර්ලිමේන්තු යවන්න පුළුවන්.ඊට පස්සේ අපි ජීවත් වෙන කාළයේ මේ රටේ වෙනසක් දකින්න පුළුවන් යැයි පැවසීය.

Scroll to Top