Aboutceylon Online

 “මාරම්බරී ” දස වර්ෂ පූර්ණයට ප්‍රවාහන සේවා  අමාත්‍යාංශයෙන් මුදල් පරිත්‍යාගයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා විසින් පවත්වනු ලබන ” මාරම්බරී ” සංගීත ප්‍රසංගයේ දස වර්ෂ පූර්ණය නිමිත්තෙන් පැවැත්වෙන “මාරම්බරී” ප්‍රසංගයට අනුග්‍රහය දක්වමින්, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ සුබසාධක සංගමය විසින් රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කර තිබේ.

එම මුදල සහිත චෙක්පත,  ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා  සහ විශාරද චරිතා ප්‍රියදර්ශනී  මහත්මියට බාරදුන් අවස්ථාව මෙහි දැක්වේ.

හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන සරත් චන්ද්‍රසිරි විතාන මහතා විසින් මෙම කටයුතු සංවිධානය කළේය.

Scroll to Top