යාපනය මනිපායීහි පිහිටි පැරණි රෝහල නවීකරණය කොට Green Memorial Hospital ලෙස සංවර්ධන කිරීමේ සංවර්ධන අරමුදල තර කර ගැනීමේ අරමුණින් මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ රුමේනියාව ඇතුළු රටවල ක්‍රියාකාරීන් පිරිසක් අරමුදලක් පිහිටුවා ඇත.
මේ වෙනුවෙන් සුහද පාපැදි සවාරියක් මේ මස 26 වන දින කොළඹ වොර්ඩ් පෙදෙසෙහි පිහිටි Jetwing Colombo හොටල් පරිශ්‍රය අභියසින් මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 4.30ට ආරම්භ වීමට නියමිතය.