ගාල්ල දිස්ත්රික්කයේ හබරාදුව මැතිවරණ බල ප්රදේශයේ මීපේ ප්රදේශයේ පර්ශද සංවිධායකවරයා සමඟ තවත් පිරිසක් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය පාර්ලිමේන්තු මාන්ත්රී අධිනීතිඥ චන්දිම වීරක්කොඩි මහතා අතින් හබරාදුව ගිනිගල යේශාන් ලක්ෂිත අමරසිංහ මහාතාගේ නිවසේ පැවැති ජනහමුව අතරතුරදි ලබාගන්නා ලදි.
මෙම අවස්ථාව සඳහා හබරාදුව ශ්රී ලංකා නිදහස් පක්ෂ හිටපු සංවිධායකවරයෙකු වන සරත් ඩයස් මහතා සහ හබරදුව ප්රාදේශීය සභා මන්ත්රී නීතිඥ උදයශාන්ත දඩැල්ලගේ හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරුන් වන සරත් අමරසිංහ, ගාමීණි ගුණසිංහ මහතා ඇතුළු ප්රදේශවාසීන පිරිසක් සහභාගි විය.