කාසල්රි ජලාශ රක්ෂිතයේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 10 පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
මෙම ගින්න හටගෙන තිබුණේ නොර්වුඩ් නිව්වැලි වත්ත ප්රදේශයේ කාසල්රි ජලාශය අසලින්ය.
ඉලුක් සහ තෘණ සහිත එම රක්ෂිතයේ සිඝ්රයෙන් ගින්න පැතිර ගිය අතර ගින්න හැටන් මස්කෙලිය ප්රධාන මාර්ගය අභියස පිහිටි නොර්වුඩ් ඇගළුම් කාර්මාන්ත ශාලාව අසලට සහ හැටන් මස්කෙලිය ප්රධාන මාර්ගය අසලටද පැතිර ගොස් තිබුණි.
පැතිර යමින් තිබු ගින්න නොර්වුඩ් පොලිසියේ නිලධාරින් සහ ඇගළුම් කාර්මාන්ත ශාලාවේ නිලධාරින් එක් වි දැඩි පරිශ්රමයක් දරා පාලනය කිරිමට සමත් වි ඇත.
කාසල්රි ජලාශයේ අනවසරෙන් ධිවර කටයුතු වල නිරත වි සිටින පිරිසක් විසින් රක්ෂිතයට ගිනිතබන්නට ඇති බවට නොර්වුඩ් පොලිසිය සැකකරයි.
ගිනිගෙන විනාශ වි ඇති කාසල්රි ජලාශ රක්ෂිතය හරහා කාසල්රි ජලාශයට ජල මුලාශ කිහිපයක්ද ගලා බසින බවයි වතු කම්කරුවන් කියා සිටියේ .