Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රාජපක්ෂයි ඤාණිස්සරයි අතර ‘සුමිතුරන්ගේ සටන’ 28 සහ 29 දිනවලදී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලය හා අලුත්ගම දර්ගා නගරයේ ශ්‍රී මාලේවන ඤාණිස්සර මහා විද්‍යාලය අතර දෙවන වරටත් සංවිධානය කරන ‘සුමිතුරන්ගේ සටන’ නමින් විරුදාවලි ලත් මහා ක්‍රිකට් තරගය මේ මස 28 සහ 29 යන දිනවලදී අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

2018 වසරේ දී පන්දු ඕවර 50 සුහද ක්‍රිකට් තරගයකින් ඇරඹි මෙම ක්‍රිකටි තරගය මහා ක්‍රිකට් තරගයක් ලෙසින් ගිය වසරේ දී ආරම්භ විය. එම තරගයේ ජය ඤාණිස්සර විද්‍යාලයට හිමිවිය.

රාජපක්ෂ මහා විද්‍යාලය ආරම්භ කොට වසර 141 ක් සම්පූර්ණ වන අතර ආර් එම් එස් නලින්ද මහතා විදුහල්පති පදවිය හොබවයි. ඤාණිස්සර විද්‍යාලය ආරම්භ කොට වසර 114ක් සම්පූර්ණ වේ. පී කේ සුනිල් ශාන්ත මහතා එහි විදුහල්පති පදවිය හොබවයි.

වාර්ෂිකව පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවනු ලබන වයස අවුරුදු 13, 15, 17 සහ 19 න් පහළ සියලුම වයස් කාණ්ඩවලට අයත් තරග වලට රාජපක්ෂ විදුහල් කණ්ඩායම සහභාගි වේ. මෙවර 19 න් පහළ පළමු වටයේ තරග තුකදී විශිෂ්ට ජයග්‍රහණයන් ලබා ගෙන මෙම තරගයට මුහුණ දෙයි. රනුෂ චතුරංග ක්‍රීඩකයා මෙවර පන්නල විද්‍යාලයට එරෙහිව ලකුණු 205 ක් වාර්තා කිරීමට සමත්විය. එය මෙම විද්‍යාලයේ ක්‍රීඩකයකු වාර්තා කළ පළමු ද්විත්ව ශතකය ලෙසින්ද ඉතිහාස ගතවේ.

ඤාණිස්සර විද්‍යාලයද ඒ හා සමානව සිය දස්කම් දැක්වමින් ගියවර ජයග්‍රාහි මානසිකත්වයෙන් යුතුව මෙවර තරගයට මුහුණ දෙයි.

රාජපක්ෂ විදුහල් පිලේ නායකත්වය තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන කේ සචිඳු නිමාෂ් හොබවන අතර ඤාණිස්සර විදුහල් පිළේ නායකයා වන්නේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන විශ්ව තරංගය.

රාජපක්ෂ මහා විද්‍යාල කණ්ඩායම (ඡායාරූපය – 01)

කේ සචිඳු නිමාෂ් (නායක), එච් සුදේශ් ගද්දික, එම් ඩබ්ලිව් ඉරෝෂන් සඳමල්, එස් ඩබ්ලිව් සහන් දිල්රුක්, එච් අමේෂ් ආසිරි (උප නායක), වයි මලිඳු ප්‍රියදර්ශන, එච් ජයමදු දිල්හාර, ටී එම් පමුදු සඳමල්, ජී හිරුෂ් ගිම්හාන්, එච් කාවින්ද ලක්ෂාන්, ඩී විහඟ ගිම්හාන, ඩී රනුෂ චතුරංග, එස් ඒ එම් තරූෂ් සෙව්මිණි, එන් යොහාන් විශ්මිත, පී සඳරු තීක්ෂණ, පී එච් කේ සහන් නදිමාල්, ක්‍රිකට් භාර ආචාර්යවරුන් ලෙස රෝහණ චන්ද්‍රරත්න මහතා සහ මිහිර අබේසේකර මහතා, ක්‍රිකට් පුහුණුකරු ජගත් අමරතුංග මහතා.

ඤාණිස්සර විද්‍යාල කණ්ඩායම (ඡායාරූපය – 02)

එච් විශ්ව තරංග ආලෝක (නායක), එස් ඩී චමෝද් රවීන්, පී කේ ඩී චානුක දිල්ෂාන්, කේ එල් ඩී හර්ෂ සඳරුවන්, කේ එල් ඩී නවිඳු චමෝද් තරංග, ඩී එච් නිර්මාල් එරන්ත, බී එච් නිමල්ක කවීශ්වර, එම් එම් මොහොමඞ් මෆාස්, එච් චාරුක දේශාන්, එස් චාමික නිමේෂ්, ඒ සිතුම් කල්ප, ඒ මලිඳු මලීෂ, පී කේ දිමුතු සඳරුවන්, කේ ටී රංග දිල්ෂාන්, ඒ තරුෂ අංජන, ඩී ඩී මෙනුජ සංසුත ක්‍රිකට් භාර ආචාර්ය අරුණ ගමගේ මහතා, පුහුණුකරු මංගල වික්‍රමාරච්චි මහතා.

Scroll to Top