ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය මගින් පවත්වන ලද සමස්ථ ලංකා කරාතේ තරගාවලියේ බස්නාහිර පළාත් තරගාවලියේ වයස අවුරුදු 06 න් පහළ (කාන්තා) කුම්තේ ඉසව්වෙන් රන් පදක්කම හා කාතා ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ජපන් කරාතේ දෝ කෙන්සෙයිකාන් සංගමයේ බොරැලස්ගමුව ශාඛාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගි වූ සුසරි දනුජි වඩුගේ ශිෂ්‍යාව සමත් වූවාය.
තරගාවලිය කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. පසුගිය ජනවාරි 25 සහ 26 දෙදින බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති කොළඹ දිස්ත්‍රික් තරගාවලියේදී කාතා හා කුම්තේ යන ඉසව් දෙකෙන්ම රන් පදක්කම් දිනා ගනිමින් සුසරි දනුජි වඩුගේ බස්නාහිර පළාත් තරගාවලිය සදහා සුදුසුකම් ලබා තිබුණි.
බස්නාහිර පළාත් වයස අවුරුදු 06 න් පහළ (කාන්තා) කුම්තේ ඉසව්වෙන් රිදි පදක්කම දිනාගත් කොළඹ, රනාල ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ සසැදි කරුණාවර්ධන, ලෝකඩ පදක්කම් දිනාගත් මීගමුව, ආවේමරියා කන්‍යාරාමයේ සනුලි රදීෂා සහ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ යෙහෙනි මනික්කුවාදුර යන ක්‍රීඩිකාවන් සමග රන් පක්කම්ලාභී සුසරි දනුජි වඩුගේ සමූහ ඡායාරූපයකට පෙනි සිටි අයුරු ඉහත දැක්වේ.