Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රාධාක්‍රිෂ්ණන් දමිල ප්‍රගිතිශිලි සන්ධානයෙන් ඉවත් වි කදුරට ජනතා පෙරමුණට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ මන්ත්‍රිවරයෙකු වශයෙන් දැනට කටයුතු කරන නුවරඑලිය දිස්ත්‍රික් පා.ම සහ කදුරට ජනතා පෙරමුණේ නායක වි.රාධාක්‍රිෂ්ණන් මහතා ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි තරග කරන ලාංජනය පිලිබදව තිරණයක් ගැනිම සදහා එම පක්ෂයේ විධායක සභාවේ හදිසි රැස්විමක් කැදවා ඇත.

වි.රාධාක්‍රිෂ්ණන් මහතා දමිල ප්‍රගිතිශිලි සන්ධානය සමග එකට එක් වි නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට තිරණය කල තිබුණත් දමිල ප්‍රගිතිශිලි සන්ධානයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයට පලනි දිගම්බරම් , එස්.තිලකරාජ් , එස්. උදයකුමාර් සහ වි.රාධාක්‍රිෂ්ණන් යන මහතුන් මහ මැතිවරණයේදි තරග කල යුතු බව දමිල ප්‍රගිතිශිලි සන්ධානය විසින් මේ වන විට තිරණය කර ඇත.

එම යෝජනාව ප්‍රතික්ෂේප කරන දමිල ප්‍රගිතිශිලි සන්ධනයේ  උප සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි රාධාක්‍රිෂ්ණන් මහතා පවසා ඇත්තේ දමිල ප්‍රගිතිශිලි සන්ධානයෙන් සිව්දෙනෙකුට තරග කල නොහැකි බවත්, සිව්දෙනෙකු තරග කරන්නේ නම් තමන් කදුරට ජනතා පෙරමුණේ උදැල්ල ලාංජනය යටතේ තම පක්ෂයේ ජෙෂ්ඨ සමාජිකයන් සමග මහ මැතිවරණය සදහා නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන බවයි.

රාධාක්‍රිෂ්ණන් මහතාගේ එම යෝජනාව සම්බන්ධයෙන් කදුරට ජනතා පෙරමුණේ විධායක සභාවේ හදිසි රැස්විමක් කැදවා ඇති බවයි එම පක්ෂයේ ජෙෂ්ඨ නිලධාරියෙකු අප සමග කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් අප දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ උප සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ දමිල ප්‍රගිතිශිලි සන්ධානය මහ මැතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් සිව්දෙනෙකු තරග කිරිමට තිරණය කර ඇති බවත්, එම යොජනාවට වි රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා අකමැත්ත ප්‍රකාශ කරන නිසා මෙවර පැවැත්වෙන මහ මැතිවරණයෙන් තමන් තරග නොකර එ සදහා වි රාධාක්‍රිෂ්ණන් , එස් තිලකරාජ් සහ එස් උදයකුමාර් යන අයට තරග කරන ලෙසට යෝජනා කල බවයි.

එම යෝජනාව ප්‍රතික්ෂේප කරන වි රාධාක්‍රිෂ්ණන් මහතා පවසා ඇත්තේ තමන් තම පක්ෂය යටතේ තනිවම තරග කිරිම සම්බන්ධයෙන් විධායක සභාව සමග සාකච්ඡා කර අවසන් තිරණයක් ගන්නා බවයි.

Scroll to Top