Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සතා සිව්පාවන්ව ඝාතනය කරන යුගයක අජන්තා මහත්මියගෙන් ආදර්ශයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සතා සිව්පාවටත් ජිවිතයක් ඇත , ඇතැම් පිරිස් සතා සිව්පාවන්ට කුරිරු ලෙස වද හිංසා සිදු කරන අතර , තවත් පිරිසක් සතා සිව්පාවන්ව ඝාතනය කරනු ලබයි.

මනුෂ්‍යයින් මෙන්ම සතා සිව්පාවුන්ද ජිවත් විමට ආශාවක් දක්වයි.

කපුටන්ගේ ප්‍රහාරයකින් තුවාල ලබා ප්‍රධාන මාර්ගයක වැටි සිටි කුඩා නීල කොබෙයි පැටියෙකු තම දරුවෙකු මෙන් හදාවඩා ගන්නා කාන්තාවක් නීල කොබෙයියාව ශ්‍රි පාද වන්දනාවේ රැගෙන එන අයුරු (22) දින අප කැමරාවේ සටහන් විය.

ඇය නමින් අජන්තා ගමගේ මහත්මියයි , ඇය කටුනායක ප්‍රදේශයේ පදිංචිකාරිනියකි , ඇය (21) දින පවුලේ සමාජිකයන් සහ හිතවතුන් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණ සිටි අතර , අජන්තා ගමගේ මහත්මියගේ උරහිස මත නීල කොබෙයියෙකු කිසිදු බියක් සැකක නොමැතිව සිටින අයුරු ශ්‍රි පාද වන්දනාවේ පැමිණි බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු විය.

එ පිලිබදව අප අජන්තා ගමගේ මහත්මියගෙන් විමසිමක් සිදු කල අවස්තාවේ ඇය කියා සිටියේ මිට මාස 8 පමණ ප්‍රථම නීල කොබෙයියාට කපුටන් විසින් කොටා තුවාල සිදු කිරිම නිසා නීල කොබෙයියා වාහනයක් මත වැටි සිටි බවයි.

ඉන් අනතුරුව පශු වෛද්‍යවරයෙකු මගින් නීල කොබෙයියාට ප්‍රතිකාර ලබා දි සුව විමෙන් පසු නීල කොබෙයියාව මුදා හැරියද නීල කොබෙයියා  තමන්ව හෝ පවුලේ සමාජිකයන්ව අත හැර නොයා නිවසේම රැදි සිටින බවයි.

තම පවුලේ සමාජිකයන් ගමන් බිමන් යන සැම අවස්තාවකම නීල කොබෙයියාද තමන් සමග පැමිණෙන බවත්, මීට ප්‍රථම නුවරඑලිය සහ මාතලේ වැනි ප්‍රදේශවලද නීල කොබෙයියා රැගෙන ගිය බවයි.

තමන් ආහාරයට ගන්නා සැම දෙයක්ම නීල කොබෙයියාද ආහාරයට ගන්නා බවත්, විශේෂයෙන් තක්කාලි කැමට නීල කොබෙයියා වැඩි රුචිකත්වයක් දක්වන බවයි.

තමන් මෙන්ම තම පවුලේ සමාජිකයන්ද නීල කොබෙයියාට දැඩි ආදරයක් කරුණාවක් දක්වන බවත්, නීල කොබෙයියාට වඩා වෙනත් පවුලේ සමාජිකයෙකුට ලෙන්ගතුකමක් දක්වන විට නීල කොබෙයියාට තරහ යන බවයි.

පසුගිය දිනක සුනඛයෙකුට මන්නා පිහියකින් පහර දි තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් අදහස් දැක් වු අජන්තා ගමගේ මහත්මිය එම සිද්ධිය හෙලා දකින අතර ඇය කියා සිටියේ මනුෂ්‍යන් මෙන්ම සතා සිව්පාවටද ජිවිතයක් ඇති බවයි.

එම ජිවිත විනාශ කිරිමට හෝ හිරිහැරිමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත්, තමන් නීල කෙබෙයියාව මිය යන තෙක්ම එම සතාව හොදින් රැක බලා ගැනිම තම අපෙක්ෂාව බවයි.

Scroll to Top