කොළඹ SSC පිටියේදී පැවති කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව තියුණු ජයක් වාර්තා කරන ලදි.
තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළේ ය.
කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 ක් අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 289කි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක ශක්තිමත් සබඳතාවයක් ගොඩ නැගීමට නායක දිමුත් කරුණාරත්ත සහ අවිශ්ක ප්‍රනාන්දු සමත් විය.
තරගය ජයග්‍රහණය කරා රැගෙන ගිය වනිඳු හසරංග විශිෂ්ට පිති හරඹයක නිරත වෙමින් නොදැවී ලකුණු 42 ක් ලබා ගැණීමට සමත් විය.
49 වන පන්දු වාරයේ පළමු වන පන්දුවේදී කඩුලු 9ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ලකුණු 290 පසු කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.
දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් යුතු එක්දින තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 26 වැනිදා හම්බන්තොටදී පැවැත්වේ.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 290/9 (පන්දුවාර 49.1)
දිමුත් කරුණාරත්න 52 (පන්දු 57, 4×7), අවිශ්ක ප්‍රනාන්දු 50 (පන්දු 55, 4×5, 6×1), වනිඳු හසරංග 42 (පන්දු 39, 4×4, 6×1), ඇලසාරි ජෝශප් 3/42 (පන්දුවාර 10), කීමෝ පෝල් 2/48 (පන්දුවාර 8.1)
බ.ඉ.කොදෙව් 289/7 (පන්දුවාර 50)
ෂායි හෝප් 115 (පන්දු 140, 4×10), රොස්ටන් චේස් 41 (පන්දු 45, 4×3,6×1), ඩැරන් බ්‍රාවෝ 41 (පන්දු 45, 4×3, 6×1), ඉසුරු උදාන 3/82 (පන්දුවාර 10), නුවන් ප්‍රදීප් 1/42 (පන්දුවාර 10)