කසළ වලට ස්ථිර විසඳුමක් ලබා දිය යුතු බවත් මෙම ගැටළුව ජාතික ප්‍රතිපත්තියක් තුළින් සියලුම දෙනා එක්ව ස්ථීර විසඳුමක් කරා යොමු කළ යුතු බවත් ආණ්ඩුකාරවර වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවා ඇය මේ බව ප්‍රකාශ කළේ සීදුව කසළ අංගනයේ හදිස්සි ගින්නක් ඇති වූ ප්‍රදේශය නිරීක්ෂණයට ලක්කරමින්.
තවද එහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරතුමිය ප්‍රකාශ කළේ කසල ගොඩ ගැසීමට නොව කසල තුරන් කිරීමට ඉදිරි කාල වකවානුව තුළ ජනාධිපතිතුමාගේ සෘජු මැදිහත් වීමෙන් රට තුළ විශේෂ ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට නියමිත බවයි.
පරිසරවේදීන් මෙම අවස්ථාවේ දී මේ පිළිබඳ දක්වන උනන්දුව ඉතාමත් අගය කළ ආණ්ඩුකාරතුමිය කසල නිස්සාරණය වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සැකසීමට ඔවුන් සියලුම දෙනාට ආරාධනා කරන බවත්.තනි තනිව සටන් කිරීම වෙනුවට සියලූ දෙනා එක්ව මෙම කසළ ගැටළුවට විසඳුම් සෙවියු යුතු බැවින් ඒ සදහා සියලු දෙනාට එක්ව කටයුතු කිරීමට ආරාධනා කළා.