Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වතුකරයේ පාසල් සංවර්ධනයට මිලියන 300ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වතුකරයේ පාසල්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා විසින්  අත්සන් තැබිණ.

ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ශ්‍රී ලංකා රජය විසින් හඳුනාගත් වතුකර පාසල් 9ක යටිතල පහසුකම් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. මධ්‍යම පළාතේ පාසල් හයක් ද ඌව, සබරගමුව සහ දකුණු පළාත්හි වතුකර පාසල් එක බැගින්ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් ‍වේ.

අධ්‍යාපන ‍ක්ෂේත්‍රය තුළ ඉන්දීය – ශ්‍රී ලංකා සහයෝගීතාවය වඩා ශක්තිමත් කරමින් ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විවිධ ව්‍යාපෘතීන් දිවයින පුරා ක්‍රියාවට නංවා ඇත. උතුරු පළාතේ පාසල් ‍ගොඩනැගිලි රැසක් ඉදිකිරීම සහ නවීකරණය කිරීමද ඉන්දීය ප්‍රදාන යටතේ සිදු කෙරේ. ඉන්දියානු ප්‍රදාන යටතේ උතුරු පළාතේ පාසල් 5ක ඉදි කරන ලද නව පාසල් ගොඩනැගිලි 2020 ජනවාරි 15 වන දින ශ්‍රී ලාංකේය සිසු අයිතියට පත් කරන ලදී.

ඉන්දියාව ශ්‍රී ලං‍කාවේ විශ්ව විද්‍යාලයක් සතු විශාලතම ශ්‍රවණාගාරය රුහුණ විශ්ව විද්‍යාලයේ ඉදිකර ඇත. 2020 ජනවාරි මාසයේදී රුහුණ විශ්ව විද්‍යාලයේ ඖෂධ, හෙද සහ වෛද්‍ය රසායනාගාර විද්‍යා යන ක්ෂේත්‍රයන්හි ඉහළම දක්ෂතා දක්වන සිසුන් සඳහා ඉන්දීය මහ කොමසාරිස් රන් පදක්කම් පිරිනැමීමේ වැඩසටහනක්ද ආරම්භ කරන ලදී. ඉන්දියාව යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චි විද්‍යායතනයේ කෘෂිකර්ම සහ ඉංජිනේරු පීඨයද ස්ථාපනය කර ඇත. මෙයට අමතරව ඉන්දීය රජය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි හැදෑරීම සඳහා සෑම වසරකම ශිෂ්‍යත්ව 750ක්ද පිරිනමනු ලබයි.

මෙම ව්‍යාපෘතීන් ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය සමඟ ජනතා කේන්ද්‍රීය සංවර්ධන සහයෝගීතාව ඉදිරියටත් පවත්වාගෙන යාමකි. ඉන්දියාව ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර වශයෙන්ඇමරිකානු ඩොලර් බිලියන 3.5 ක් පමණ ලබා දී ඇති අතර ඒ අතරින් ඇමරිකානු ඩොලර් මිලියන 560 ක්ම නැවත නොගෙවිය යුතු ප්‍රදාන වේ.

Scroll to Top