Aboutceylon Online

බලපත්‍රයක් නොමැතිව ගවයන් ප්‍රවාහනය කල සැකකරුවෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හැටන් වැලිඔය වත්තේ සිට ගම්පොල දක්වා බලපත්‍රයක් නොමැතිව ලොරි රථයකින් හිංසාකාරි ලෙස මස් පිණිස ගවයන් තිදෙනෙකු ප්‍රවාහනය කල සැකකරුවෙකු ලොරි රථය සමග හැටන් කොට්ඨහ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් වැලිඔය ප්‍රදේශයට පිටතින් රැගෙන එන ගවයන් බලපත්‍රයක් නොමැතිව රාත්‍රි කාලයේ ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් හැටන් වැලිඔය ප්‍රධාන මාර්ගයේදි  මෙහෙයුමක් දියත් කර සැකකරුව අත්අඩංගුවට ගැනිමට සමත් වි ඇත.

ධාවනය වෙමින් තිබු ලොරි රථය වැටලිම සිදු කල හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් නතර කරන අවස්තාවේ ජාවාරමේ  ප්‍රධාන සැකකරු පලා ගිය බවත්, සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා මේ වන විට මෙහෙයුමක් දියත් කර ඇති බවයි වැටලිම සිදු කල පොලිස් නිලධාරින් කියා සිටියේ.

ලොරි රථයේ ප්‍රවාහනය කරමින් සිටි ගවයන් තිදෙනෙකුගේ එක් ගවයෙකුගේ පාදයක් කඩා තුවාල සිදු කර ඇති බවත්, අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වැටලිම සිදු කල හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් පැවසිය.

 

Scroll to Top