Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දශක ගණනක් පැරණි ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඔතානි චෝජුං හිමි ප්‍රමුඛ හොංගන්ජි පදනම විසින් ලබාදෙන ලද දායකත්වය ඉමහත් බව අග්‍රාමාත්‍ය   මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. ඒ මහතා මේ අදහස් දැක්වූයේ  පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ජපානයේ හොන්ගන්ජි පදනම සහ කියෝතෝ හි හොංගන්ජි විහාරස්ථානයේ අතිපූජ්‍ය ඔතානි චෝජුං ස්වාමීන්වහන්සේ වෙත ගෞරව සාසන රත්න සම්මානය සහ සන්නස් පත්‍රය පිරිනැමීමේ උළෙලට සහභාගී වෙමිනි.

දීර්ඝකාලීන ඉතිහාසයක් හිමි ‍ජපානයේ හොංගන්ජි  සංස්කෘතික ප්‍රවර්ධන පදනම ලොවපුරා බෞද්ධ ප්‍රජාවේ සමාජ අර්ථික හා සංස්කෘකිත සබඳතා වැඩිදියුණු කිරීම සඳහා මහත් දායකත්වයක් ලබා දී තිබේ. අතීතයේ සිටම ජපානය සහ ශ්‍රී ලංකාව එකිනෙකා වෙනුවෙන් දුෂ්කර අවස්ථාවන්හිදී පෙනී සිටි බව සඳහන් කළ මහින්ද රාජපක්ෂ මහතා හොංගන්ජි පදනම විසින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික බෞද්ධ කෞතුකාගාරය සඳහා ජපාන කුටියක් පරිත්‍යාග කිරීම පිළිබඳවද සිය ස්තූතිය පල කළේය.

ජපානයේ හිටපු අධිරාජ්‍යයාගේ සහෝදරයා වන  ඔතානි චෝජුං හිමියන් ටෝකියෝ විශ්ව විද්‍යාලයෙන් සහ ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයෙන්  අධ්‍යාපනය හදාරා නගෝයා විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරන අතර විශේෂයෙන් මහායාන ධර්මය සහ ථෙරවාදී බුදුදහම අතර අන්තර් සම්බන්ධතා වර්ධනය කිරීමට කටයුතු කර තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 

Scroll to Top