හෙම්මාතගම නගරගිරි මහා විද්‍යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය හරහා පාර මාරු වීම සඳහා කහ ඉරක් නොමැතිකමින් එම පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැඩි අපහසුතාවයකට මුහුණ දෙනු ලැබේ
හෙම්මාතගම හොරේවල හරහා අරණායක ප්‍රධාන මාර්ග ඉදිරිපිට පිහිටා ඇති නගරගිරි මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල් පැමිණෙන මොහොතේ හා පාසල් අවසාන වී නිවෙස් බලා යන අවස්ථාවන් වලදී මාර්ගය හරහා අනෙක් පසට මාරු වීම සඳහා කහ ඉරක් නොමැති කමින් පාසල් දරුවන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙන ආකාරය දැක ගැනීමට ලැබේ
මෙම පාසල ඉදිරිපිට මාර්ගයේ මීට ඉහතදී කහ ඉරක් තිබුනද මාර්ග අළුත්වැඩියා කටයුතු නිසා එය මැකී ගොස් ඇති අතර ඉන් පසු මේ වන තෙක් නැවත පාර මාරු වීම සඳහා කහඉර හා ඉදිරියෙන් පාසල් ළමුන් පාර මාරුවන ස්ථානයක් ඇති බවට හඟවන මාර්ග සංඥාද සවිකර නොමැති බව ප්‍රදේශවාසීන් හා පාසල් දරුවන්ගේ දෙමාපියන් පවසයි
තවද පාසල් දරුවන් සිය ක්‍රිඩා කටයුතු සඳහා ක්‍රිඩා පිටිය සඳහා ගමන් කිරීමටද මෙම මාර්ගය හරහා පාර මාරු විය යුතු බැවින් මෙම කහ ඉර තිබීම අත්‍යවශය බව පාසල් දරුවන්ද අප සමග පැවසූහ
හෙම්මාතගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් පාසල් පැමිණෙන විට හා පාසල් අවසන් වී දරුවන් නිවෙස් කරා යන විට පාසලට ඉදිරිපිටට විත් දරුවන්ට පාර හරහා වීමට අවශ්‍ය ඉඩකඩ රථ වාහන හසුරවා සලසා දෙන අතර අනෙක් අවස්ථාවලදී මෙම මාර්ග හරහා පාර මාරු වීම ගැටළුකාරී බව දරුවන් පවසයි
දෙමාපියන් හා ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ මෙම පාසල ඉදිරිපිට කහ ඉර හා මාර්ගය භාවිතාකරන රියදුරන් දැනුවත් වීම සඳහා ඉදිරියෙන් පාසල් දැරුවන් පාර මාරුවන ස්ථානයක් ඇති බවට හැඟවීමට මාර්ග සංඥාවන් සවිකර දෙන ලෙසටය