අපි දේශපාලන වශයෙන් බෙදිලා ඇණ කොටා ගන්න එකේ තේරුමක් තියෙනවාද? ලොක්කෝ – ලොක්කෝ ගහගන්නවා වෙන්න පුලුවන්, හැබැයි ලොක්කෝ – ලොක්කෝ අන්තිමට ෂේප් වෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, තරුණ කටයුතු රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, තඹුත්තේගම සමගිපුර කෝන්වැව ගම්මානයේ පානීය ජල යෝජනා ක්රමයේ ආරම්භය සනිටුහන් කිරීමේ උත්සවයට සහභාගී වෙමින්ය.එම ගම්මානයේ පවුල් 100 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා පානීය ජලය ලබා දීම වෙනුවෙන් ජල නල එලීම සඳහා කාණු පද්ධතිය කැපීම අමාත්‍යයවරයාගේ සහභාගීත්වයෙන් එහිදී සිදු කෙරිණි.
ඒම උත්සවය ඇමතූ අමාත්‍යයවරයා,
දැන් ශක්තිමත් ජනාධිපති කෙනෙක් අපි පත් කරලා තියෙනවා, ඉදිරියේදී අපි ශක්තිමත් ආණ්ඩුවකුත් හදනවා, එතකොට අපිට තව අවුරුදු 05 ක්ම වැඩකරන්න පුළුවන්කම තියෙනවා.
ජනාධිපතිතුමන්ගේ වැඩසටහනක් ලෙස මාර්ග කිලෝමීටර ලක්ෂයක් කාපට් කිරීමේ වැඩසටහන තියෙනවා.මේ මාසයේ අවසාන වෙන්න ප්‍රථම අනුරාධපුර කළාවැව ආසනයේ මාර්ග කිලෝ මීටර 25 ක් කාපට් කිරීම අපි ආරම්භ කරනවා.මේ වර්ෂය පුරාම මේ කිලෝමීටර ලක්ෂය හැදෙනවා.ඒ් නිසා ප්‍රධාන නගර යා කරන මාර්ග සියල්ලම කාපට් කෙරෙනවා.ඊළඟට ගම් ඇතුලේ පාරවල් ටිකත් ප්‍රථිසංස්කරණය වෙනවා.කිලෝ මීටර ලක්ෂයක් කියලා කියන්නේ මේ රටේ පාරවල් මිසක් වෙන කොහෙවත් පාරවල් නෙමෙයි.
ඒ්ත් එක්කම රැකියා ලක්ෂයේ වැඩසටහන තියෙනවා.සාමාන්‍යය පෙළ අසමත්, වෙනදා කවදාවත් ආණ්ඩුවේ රැකියාවක් ගන්න බැරිව හිටිය ලක්ෂයක් වෙනුවෙන් රැකියා ලක්ෂයක් ගෝඨාභය ජනාධිපතිතුමා ආණ්ඩුවේ රැකියා ලබා දෙනවා.ඒ්කේ ක්‍රමවේදය ජනතාව දන්නවා.ඒ් නිසා ගෝඨාභය ජනාධිපතිතුමා සමඟ රට දැන් ක්‍රමවේදයකට හැදෙනවා, රට ක්‍රමවත් වෙනවා, රටේ වැඩපිළිවෙලක් ඇති වෙනවා, රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා කියලා පේන්න තියෙනවා.
ඒ් නිසා දැන් මේ ගම්වල ඉන්න පුළුවන් කණ්ඩායම් දෙකයි, ඒ එකක් තමයි ගෝඨාභය මහත්තයා එක්ක රට හදන කණ්ඩායම, අනෙක් කණ්ඩායම තමයි රට හදනවාට විරුද්ධ කණ්ඩායම, දැන් අපි ශ්‍රී ලංකා, යූ.ඒන්.පී, ජේ.වී.පී පොහොට්ටු කියලා බෙදිලා තේරුමක් තියෙනවාද? මේ ගමට දැන් අවශ්‍යය ගෝඨාභය මහත්තයා එක්ක ආණ්ඩුවක් හදලා වැඩක් කරන්න කැමති කණ්ඩායම එක ගොඩකුත්, නෑ නෑ අපිට ඔයගොල්ලන්ගේ උදවු එපා, අපි වෙනම අපේ ආණ්ඩුවක් අරන් උදව් කර ගන්නවා කියන කණ්ඩායම වෙනමත් හැදෙන්න අවශ්‍යයි.ආයේ නිල් පාට, රතු පාට, කොළ පාට කියලා වෙනම බෙදෙන්න බෑ, දැන් තියෙන්න ඔ්න ගම හදනවාද? නැද්ද ? කියන කණ්ඩායම් දෙක.දැන් ඔබතුමන්ලාට ඔ්න පක්ෂ අල්ලාගෙන, පාට අල්ලාගෙන බෙදිලා ඉන්නද ? දැන් මේ ජල යෝජනා ක්‍රමයෙන් ගෝඨාභය මහත්තයාට විරුද්ධව හිටිය කෙනාටත් වතුර ලැබෙනවා.
මේ ගමේ ඉන්න මගේ මතවාදයට විරුද්ධව ඉන්න කෙනාටත් දුමින්ද ඇමතිතුමාගේ වැඩෙන් වතුර ලැබෙනවා.මම එයත් එක්ක හෝ එයා මාත් එක්ක තරහා වෙලා වැඩක් තියෙනවාද? එයාටත් තේරෙන්න අවශ්‍යයි ගමට සංවර්ධනය එන කොට ඒ පැත්තත් එක්ක එකතු වෙලා අපි තවත් ගම සංවර්ධනය කර ගන්න උත්සහ කරන්න අවශ්‍යයි.එහෙම නැත්නම් කියන්න ඔ්න දුමින්ද ඇමතිතුමා වතුර දෙන නිසා අපිට එපා අපි අපේ යූ,එන්.පී ආණ්ඩුවක් අරගෙන වතුර ගන්නම්, පොහොට්ටුවේ අයත් එහෙම කියන්න ඔ්න, ජේ.වී.පී අයත් එහෙම කියන්න ඔ්න.හැබැයි මේ වැඩේ තේරුමක් නෑ.
අපි දේශපාලන වශයෙන් බෙදිලා ඇණ කොටා ගන්න එකේ තේරුමක් තියෙනවාද? අපි දේශපාලන වශයෙන් බෙදිලා ඇණ කොටාගන්න එකේ ප්‍රථිපලයක් ගමට තියෙනවාද? ලොක්කෝ – ලොක්කෝ ගහගන්නවා වෙන්න පුලුවන්, හැබැයි ලොක්කෝ – ලොක්කෝ අන්තිමට ශේප් වෙනවා. හැබැයි අපි ගමේ වෛරය, තරහා වෙන්වීම තියාගෙන අපි ගමට සංවර්ධනය ගේන්නේ නැතිව ඉන්නවා.
ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ඔබතුමන්ලාගෙන් පහුගිය මැතිවරණයේ කාට කතිරය ගැහුවත් අපිට කමක් නෑ, ගෝඨාභය මහත්තයාට විරුද්ධව කතිරය ගැහුවත් කමක් නෑ, ගෝඨාභය මහත්තයා නිදහස් උත්සවයේදී මොකක්ද කථා කරලා කිව්වේ, මම මේ රටේම ජනතාවගේ ජනාධිපති කියලා, මට ඡන්දය දුන් නොදුන් සියලු දෙනාගේම ජනාධිපති මම, එහෙම නම් අපිට තියෙන්නේ රට හදනවා මිසක්, පක්ෂ වලට, කල්ලි වලට, කණ්ඩායම් වලට එල්ලිලා ගම බෙදිලා විවේචන කර ගෙන අපි විනාශ වෙලා ගහගන්න එක නෙමෙයි.දැන් අපිට තියෙන්නේ රට හදන කණ්ඩායමයි, රට හදනවාට විරුද්ධ කණ්ඩායමයි අතර තරඟයක් මිසක්.නිල් පාට, කොළ පාට, රතු පාට තරඟයක් හෝ අර පක්ෂ මේ පක්ෂ අතර තරඟයක් නෙමෙයි.
දැන් අපිට තියෙන්නේ කණ්ඩායම් දෙකක තරඟයක්.ඒ් තරයි ගෝඨාභය මහත්තයා එක්ක රට හදන කණ්ඩායමයි, රට හදනවාට විරුද්ධ කණ්ඩායමයි.ඒ් නිසා ඔබතුමන්ලා සියලු දෙනාම රට හදන කණ්ඩායමේ කොටස්කරුවෝ බවට පත් වෙන්න.යැයි පැවසීය.