ඉන්දියානු රජයේ ආධාර යටතේ හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ තෙමහල් ගොඩනැගිල්ලකින් යුත් අංග සම්පුර්ණ ශ්‍රවණාගාරයක් ඉදි කිරිම සදහා මුල්ගල තැබිම සිදු කලහ.
ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ආරාධනයෙන් ශ්‍රි ලංකාවේ වැඩ බලන ඉන්දියානු කොමසාරිස් විනොත්.ජේ.ජෙකොබි වැවිලි කර්මාන්ත සහ කෘෂි අපනයන අමාත්‍යය වෛද්‍යය රමේෂ් පතිරණ යන මහතුන් විසිනුයි මෙම ශ්රවණගාරය ඉදි කිරිම් කටයුතු ආරම්භ කරනු ලැබුහ.
වතුකරයේ පාසල් අධ්‍යාපනය නිම කර සිටින තරුණ තරුණියන් සදහා තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය මගින් විදුලි කර්මික , පරිඝනක පාඨමාලා , මොටර් රථ කාර්මික , සුපවේදි පාඨමාලා , ඇගළුම් කර්මාන්ත පාඨමාලා , රුපලාවන්‍යය පාඨමාලා ඇතුළු පාඨමලාවන් ගණනාවක් සිදු කරන වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයකි.
වසරකට මෙම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය මගින් විශාල තරුණ තරුණියන් පිරිසක් විවිධ වෘත්තිය පුහුණු ලබා පිටව යන අතර මෙම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට මෙතෙක් කල් අංගසම්පුර්ණ ශ්‍රවණාගාරයක් නොතිබිම නිසා අලුතින් ශ්‍රවණාගාරයක් ඉදි කිරිම කෙරෙහි ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවධානය යොමු වි තිබුණි.