කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට 68,500 ඉක්මවා ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්වූ ගණන 1668ක් බවට පත්ව ඇත.
සෞඛ්‍ය සේවකයින් 1700 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අතුරින් 6 දෙනෙකු මියගොස් ඇති බවයි.
චීනයේ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හුබෙයි පලාතේ වෛරසයේ පැතිරීම දැන් වඩාත් ඵලදායි ලෙස කළමනාකරණය කරමින් සිටින බවයි.
ඒ අනුව සමස්ත වසංගතය පාලනය කළ හැකි බව පෙන්නුම් කරන බව ඔහු පෙන්වා දී ඇත.