විසා නොමැතිව මෙරට රැදි සිටි ඉන්දියානු ජාතියෙකු නොර්වුඩ් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලා.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉන්දියානේ තමිල්නඩු ප්‍රදේශයේ පදිංචිව සිටි කරුපයියා විනොද් නැමති 34 හැවිරිදි අයෙකි.
සැකකරු 2009 වසරේදි කටාර් රාජ්‍යයේ සේවයේ නියුතුව සිට ඇති බවත්, එහිදි නොර්වුඩ් වෙන්චර් වත්තේ පදිංචි තරුණියක් සමග ප්‍රේම සබදතාවයක් ඇති කරගෙන 2015 වසරේදි මෙරටට පැමිණ ඇය සමග විවාහ වි වරින් වර විසා අලුත් කරමින් සිට ඇති බවයි.
සැකකරු මෙරට කාන්තාව සමග විවහා විමෙන් පසු ඔහුන් දෙපලට දාව එක් දරුවෙකු සිටින බවත්, සැකකරුට 2018.11 මස සිට මෙරටට රැදි සිටිමට විසා අලුත් කර නොමැති බවත්, සැකකරු සන්තකයේ තිබෙන ගුවන් ගමන් බලපත්‍රය 2015 වසරින් පසු අවලංගු වන බලපත්‍රයක් බවයි නොර්වුඩ් පොලිසිය පැවසුවේ.
සැකකරු කම්කරුවෙකු ලෙස මෙරට රැකියාවේ නිතරව ඇති බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ .