අද (13)පෙරවරුවේ අනුරාධපුර ප්‍රදේශය බලා ගිය කථානායකවරයා අටමස්ථානය වැඳපුදාගැනීමෙන් අනතුරුව අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් බැහැදැකීමෙන් අනතුරුව අනෙකුත් අටමස්ථාන විහාරාධිපති හිමිපාණන්වහන්සේලාද හමු විය.
මෙහිදී සිය ජීවන චරිතාපදාන කෘතියේ පිටපත් ද කථානායකවරයා විසින් නායක හිමිවරුන් වෙත පිළිගන්වනු ලැබීය.