ගාල්ල, කරන්දෙණිය බන්දුල සේනාධීර විද්‍යාලයේ සිසු සිසුවියන් විසින් අස්වද්දන ලද පුරන් කුඹුර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය. අමාත්‍යවරයා විදුහලට පැමිණීම සංඛේතවත් කරමින් විදුහල් භූමියේ පැලයක් රෝපණය කිරීමද මෙහිදී සිදු කෙරුණි.
පුරන් වූ කුඹුර අස්වද්ද ලද සිසු සිසුවියන් දිරිගැන්වීම සදහා අමාත්‍යවරයා විසින් කුඹුර නිරීක්ෂණය කලබව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.
විදුහල්පති ආර් ඩබ්ලිව් වී එස් රාජපක්ෂ සහ දකුණු පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ අයි ඩී ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ 2021 උසස් පෙළ සිසුන් විසින් මෙම කුඹුර අස්වද්දා තිබේ. විද්‍යාලයේ චිත්‍ර විෂය භාර ආචාර්යය මාලක විජේසේකර මහතාගේ අදහසක් අනුව අස්වද්දන ලද මෙම කුඹුර සදහා කරන්දෙණිය කෘෂිකර්ම නිලධාරීන් වන සමිත් ද සොයිසා මහතාගේ සහ රංගිකා සමරශීලී පරණවිතාන මහත්මියගේ උපදේශකත්වය ලැබී තිබේ.
වසර 23 කට අධික කාලයක් විද්‍යාලයට අයත්ව පුරන්ව තිබූ මෙම කුඹුර ප්‍රමාණයෙන් අක්කරයකට අධිකය. පාසැලට කුඹුරක් යන තේමාව යටතේ කුඹුරු ආරක්ෂා කර තහවුරු කිරීම, දේශීය ගොවිතැන සම්බන්ධයෙන් පාසැල් දරුවන් තුල ආකල්ප සංවර්ධනය කිරීම සහ කෘෂි කර්මාන්තයට ඇලුම් කරන පරපුරක් බිහි කිරීම යන අරමුණු වෙනුවෙන් විද්‍යාලයේ 2012 ආදි ශිෂ්‍ය කණ්ඩායමේ සම්පත් දායකත්ව ඇතිව මෙම කුඹුර අස්වැද්දූ බව විදුහල්පති ආර් ඩබ්ලිව් වී එස් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
මෙම කුඹුරේ 362 රතු කැකුළු සහ 358 සුදු කැකැළු වී වගාකර තිබේ. සම්ප්‍රදායිකව අතින් වී ඉසීම, අතින් පැල සිටුවීම සහ පැරෂුට් ක්‍රමය මෙහිදී වී වගා කිරීම සදහා යොදා ගෙන තිබේ. 2019 නොවැම්බර් 14 දින පැල තවාන් දමා ඇති අතර 2019 නොවැම්බර් 20 දින පැල සිටුවා තිබේ. 2020 මාර්තු මාසයේදි අස්වනු නෙලීමට නියමිත මෙම කුඹුර මේ වන විට කිරි වදිමින් තිබේ.
ඇමති විදුර වික්‍රමනායක මහතා විසින් අස්වද්දන ලද කුඹුර නිරික්ෂණය කරන ලද අයුරු සහ එහි විවිධ අවස්ථාවන් ඉහත ඡායාරූප වල දැක්වේ.
විදුහල්පති ආර් ඩබ්ලිව් වී එස් රාජපක්ෂ, දකුණු පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ අයි ඩී ගුණවර්ධන, චිත්‍ර විෂය භාර ආචාර්ය මාලක විජේසේකර, කරන්දෙණිය කෘෂිකර්ම නිලධාරීන් වන සමිත් ද සොයිසා, රංගිකා සමරශීලී පරණවිතාන යන මහත්ම මහත්මීන් සමග අධ්‍යාපන අමාත්‍යාංශයේ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් බන්ධුල සේනාධීර විද්‍යාලයේ ආචාර්ය වරුන්, සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.