Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රිෂාඞ්ගේ ඇමෙරිකානු ගිණුමකට නීති විරෝධීව මුදල් බැරවීම පිළිබඳව පැමිණිලිලක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2018 ඔක්තෝබර් 26 හා දෙසැම්බර් 16 වැනිදා අතර කාලය තුළ එවකට කර්මාන්ත හා වාණිජ
අමාත්‍ය මෙන්ම සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක ද වූ රිෂාඞ් බදියුදීන් මහතාට අයත් ඇමෙරිකා එක්සත් ජනපද බැංකු ගිණුමකට ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂයක මුදලක් බැර වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

එසේම තවත් ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂයක මුදලක් එම ගිණුමට බැර වීම එක්සත් ජනපදයේ ත්‍ඊෂ ආයතනය විසින් නතර කළ බවට ද අනාවරණය වී ඇත. මේ කරුණු මේ වන විට මාධ්‍ය වෙතින් ද අනාවරණය වී තිබේ.

රිෂාඞ් බදියුදීන් මහතාට ගෙවී ගිය කාලය තුළ එල්ල වී ඇති බරපතළ චෝදනා සහ ඔහුට එරෙහිව සිදු කෙරෙන විමර්ශන ආදිය කෙරෙහි අවධානය යොමු කරන විට ඉහත මුදල් ගනුදෙනුව පිළිබඳව මා තුළ බරපතළ සැකයක් ඇතිව තිබේ.

ඔහුට එරෙහි බොහෝ චෝදනා මේ රටෙහි ජාතික ආරක්ෂාව හා බැදී තිබේ. මහජන යහපත උදෙසා මෙවැනි චෝදනා පිළිබඳව කඩිනමින් නීතිය ක්‍රියාත්මක විය යුතු බව මහජන නියෝජිතයකු ලෙස මා විශ්වාස කරමි.

එමෙන්ම රිෂාඞ් බදියුදීන් හිටපු ඇමතිවරයාගේ ඇමෙරිකානු ගිණුමට මුදල් බැරවීම පිළිබඳව කඩිනමින් විමර්ශනය සඳහා මාගේ උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරමි.

මෙම පැමිණිල්ලේ ඇති ජාතික වැදගත්කම සලකා වැඩ බලන පොලිස්පතිවරයා වන ඔබතුමන් වෙතම පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අදහස් කළෙමි.

Scroll to Top