Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගිණිකොණ මුහුදේ 5.4 ක භූ කම්පනයක් – මාතර සෙලවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට ගිනිකොණ දිග මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පනයක් සිදු ව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මාතර, පිටබැද්දර, කුඩගලහේන සහ දෙයියන්දර ප්‍රදේශ අද අළුයම 2.33 ට පමණ සුළු භූ කම්පනයක් ආකාරයෙන් පොළොව සෙලවීමක් සිදුවු බව වාර්තා වෙයි.

තත්ත්පර කිහිපයක් මෙම තත්ත්වය පැවති බව ප්‍රදේශවාසීන් පවසයි.

ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අද අලුයම 2.34 ට පමණ හම්බන්තොටට කිලෝමීටර් 240 ක් පමණ ගිණිකොණ මුහුදේ මෙම භූ කම්පනය සිදු ව ඇති බවයි.

එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 5.4 කි.

සුනාමි අවදානමක් නොමැති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව ද සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම ‍නිවේදනය අදාළ ජාතික හා අන්තර් ජාතික ආයතන සමඟ එකඟත්වයෙන් නිකුත් කරන ලද බව සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය  පවසයි.

Scroll to Top