කදුකරයේ ප්‍රධාන රක්ෂිත වලට සහ තේ වතු ආශ්‍රිතව පිහිටි ලදු කැලැ සහ වන වගාවන් වලට ගිනි තැබිම් සිදු කරන නිසා වන සතුන්ගේ වාසස්ථාන අහිමි වි එම සතුන්ගේ ජිවිත වලට දැඩි තර්ජනයක් එල්ල වි ඇති බව වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති සහ නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ මධ්‍යම කදුකරයේ මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග වන සතුන් වෙසෙන රක්ෂිත වලට විශාල වශයෙන් ගිනි තැබිම් සිදු කර ඇති බවයි.
ගිනි තැබිම් නිසා ක්ෂිරපායි සතුන් , උරගයින් , පක්ෂින් ඇතුළු වන සතුන් ගණනාවක් තේ වතු ආශ්‍රිතව සැරිසරන බවත්, එසේ තේ වතු ආශ්‍රිතව සැරිසරන වන සතුන් දඩයම්කරුවන්ගේ ග්‍රහණයට හසු වි ඇති බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටින්නේ.
ගිනි තැබිම් නිසා මෙරටට පමණක් ආවේනික වු කදුකර දිවියා සහ හදුන් දිවියන්ද මෙම අවධානමට ලක් වි ඇති බවත්, වාසස්ථාන අහිමිව තේ වතු ආශ්‍රිතව සැරිසරු වැලි මුවෙකු දඩයම්කරුවන්ගේ පලා විත් නිවසකට ඇතුල් වු අවස්තාවේ එම නිවැසියන් වැලි මුවා නිරුපද්‍රිතව අල්ලා බගවන්තලාව පොලිසිය වෙතින් නල්ලතන්නිය වනජිවි කාර්යයාලය වෙත භාර දුන් බවද ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියා.
වන සත්වයින්ගේ වාසස්ථාන ගිනි තබා විනාශ කරන අය වෙතොත් එ පිලිබදව වනජිවි දෙපාර්තුමේන්තුවට හෝ ළගම ඇති පොලිස් ස්ථානය වෙත තොරතුරු ලබාදෙන ලෙස ප්‍රභාෂ් කරුණාතිලක මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ප්‍රභාෂ් කරුණාතිලක මහතාගේ දුරකථන අංකය – 0714401775