Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකා – කොදෙව් සටනේ ප්‍රවේශ පත්‍ර අළෙවිය ඇරඹෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි/20 ක්‍රිකට් තරග සදහා ප්‍රවේශ පත්‍ර අළෙවිය ලබන 15 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. එම ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩෙවිය www.cricket.lk  ඔස්සේ ලබාගැනීමේ හැකියාව ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට උදාවී තිබේ.

මීට අමතරව ක්‍රීඩා ලෝලීන්ගේ පහසුව තකා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ ඇතුළු තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ කිහිපයක ප්‍රවේශ පත්‍ර කවුළු පිහිටුවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. ඒ අනුව ලබන 15 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ ද ලබන 25 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද සහ ලබන 27 වැනිදා සිට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව ක්‍රිකට් රසිකයින්ට උදාවනු ඇත.

අදාළ තරග සංචාරය යටතේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ එක්දින තරග 3 කට සහ විස්සයි/20 තරග 2 කට සහභාගිවීමට නියමිතය. දෙරට අතර එක්දින තරගාවලිය ලබන 22 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේදී ආරම්භ වන අතර දෙවැනි එක්දින තරගය ලබන 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද තෙවැනි එක්දින තරගය මාර්තු 01 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

එම තරගාවලියෙන් පසු පැවැත්වෙන තරග 2 කින් සමන්විත විස්සයි/20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මාර්තු 04 වැනිදාද දෙවැනි සහ අවසන් විස්සයි-20 තරගය සැප්තැම්බර් 06 වැනිදාද මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

එක්දින සහ විස්සයි-20 තරග අංශ දෙකේම ප්‍රවේශ පත්‍ර ක්‍රීඩාංගණ අනුව වෙන් වෙන් මිල ගණන් යටතේ අළෙවි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. එම ප්‍රවේශ පත්‍ර මිළ ගණන් පහත පරිදි වේ.

Scroll to Top