Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ප්‍රවාහන සේවයට ජාතික ප්‍රතිපත්තියක් 

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ප්‍රවාහන සේවයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිමට අවශ්‍යය කටයුතු කරන බව දුම්රිය සේවා රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතා පැවසිය.

සි.බි.රත්නායක රාජ්‍යය අමාත්‍යයවරයා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මේ රටේ මහ මාර්ග තදබදය අවම කිරිමට , දුම්රිය ප්‍රවාහනය දියුණු කිරිමට ජනතාවගේ දායකත්වයද ලබා ගන්නා බවයි.

කෙටි කාලින , මාධ්‍යය කාලින , දිගු කාලින සැලසුම් යටතේ ප්‍රවාහන සේවය දියුණු කිරිමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කෙටි කාලින ගැටළුව වශයෙන් දුම්රිය ප්‍රමාදයට විසදුම් ලබා ගන්නා බවත්, සැම සතියකම අගහරුවාද දින සියළුම දුම්රිය බලධරින් කැදවා දුම්රිය ප්‍රමාදයට කරුණු සොයා බලන බවයි අමාත්‍යයවරයා කියා සිටියේ.

තවද දුම්රිය ඇතුලත තිබෙන අපිරිසිදුතාවය ගැන විශේෂ සැලකිල්ලක් දක්වන බවත්, දැනට පවතින දුම්රිය මාර්ග දෙක වෙනුවට දුම්රිය මාර්ග හතරක් ඉදි කර දුම්රිය සේවය ගුණාත්මක ජනතා සේවයක් බවට පත් කිරිම සදහා නව දුම්රිය සේවකයින් බදවා ගැනිමටත් සැලසුම් කර ඇති බවයි අමාත්‍යය සි.බි රත්නායක මහතා කියා සිටියේ.

නව රජයන් පත්විමේදි එම රජයේ අමාත්‍යවරයාට අවශ්‍යය පරිදි මගි ප්‍රවාහන සේවය වෙනස් කිරිමට නොහැකි ආකාරයට ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් ගෙන ඒමට සැලසුම් කර ඇති බවයි දුම්රිය සේවා රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතා වැඩි දුරටත් කියා සිටියේ.

Scroll to Top