කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයට විෂ ද්‍රාවණයක් මුසු කල 14 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර එම සැකකරුවන්ට එරෙහිව මේ මස 14 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
නොර්වුඩ් පොලිස් වසමට අයත් වෙනචර් වතුයායේ වතු කම්කරුවන් කිහිප දෙනෙකු සහ බාල වයස්කාර පාසල් සිසුන් පිරිසක් එක් වි කෙසෙල්ගමුඔයේ වෙසෙන මත්ස්‍යයින් අල්ලා අලෙවි කිරිම සදහා අවරියා නැමති ශාක වර්ගයක් තවත් ද්‍රව්‍යය කිහිපයක් උපයෝගි කරගෙන ද්‍රාවණයක් සකස් කර එම ද්රවාණය කෙසෙල්ගමුඔයට ඉකුත් 09 දින පස්වරුවේ මුසු කිරිම නිසා එම ද්‍රාවණය මුසු කල ස්ථානයේ සිට කාසල්රි ජලාශය දක්වා කිලෝමිටර 3 ක් දුරට විවිධ වර්ගයේ මත්ස්‍යයින් සහ ජලජ ජිවින් විශාල ප්‍රමාණයක් මිය ගොස් තවත් මත්ස්‍යයින් විශාල ප්‍රමාණයක් ජලය මත පාවෙමින් සිටිහ.
ජලය මත පාවෙමින් සිටි මත්ස්‍යයින් සැකකරුවන් විසින් අල්ලමින් සිටියදි හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතාට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු පොලිස් අධිකාරිවරයා එම සැකකරුන් අත්අඩංගුවට ගන්නා ලෙස නොර්වුඩ් පොලිසියට කරන ලද නියෝගයක් මත නොර්වුඩ් පොලිසියේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කරන අවස්තාවේ පලා යමින් සිටි එක් සැකකරුවෙක් නොර්වුඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
වැටලිමේදි නොර්වුඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුගේ තොරතුරු මත සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නොර්වුඩ් පොලිසිය සමත් වි ඇත.
පවතින වියළි කාලගුණයත් සමග කෙසෙල්ගමුඔයේ ජල මට්ටම පහල වැටිම නිසා කෙසෙල්ගමුඔයට මෙවැනි නිති විරෝධි ක්‍රියාවන් සිදු කරන අය අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවයි හැටන් පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.