Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

එක්සත් ජාතික පක්ෂය අද කැඩිලා බිදිලා සුනු විසුනු වෙලා ගිහිල්ලා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පසුගිය ජනාධිපතිවරණයේදී විවිධ දේශීය විදේශිය බලවේග ක්‍රියාත්මක වුණා. නමුත් ඒ සියල්ලට එරෙහිව ජනතාව කටයුතු කරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජයග්‍රහණය කරවීමට කටයුතු කළා.උතුරු නැගෙනහිර ඡන්ද නැති වෙලා යද්දි දකුණේ ජනතාව මේ රට වෙනුවෙන් ඉතා විශිෂ්ඨ තීරණයක් ගත්තා.

බුද්ධිමත් ජනතාව පක්ෂ භ්දයෙන් තොරව ඉතා බුද්ධිමත් තීරණයක් ගත්තා.ජනතාවට විශාල අවශ්‍යතාවයක් තිබුණා මේ රට ගමන් කළ මාර්ගය වෙනස් කළ යුතුයි කියලා.

අද එක්සත් ජාතික පක්ෂයත් පිළි ගන්නවා ඔවුන් අතින් වැරදි සිදු වුණා .ජනතා හිතවාදී ජනතාව ආකර්ෂණය වන තීන්දු ගත්තේ නැහැ කියලා ඔවුන් පිළි ගන්නවා වැරදි තීන්දු තිරණ ඔවුන් ගත්තා කියලා.අපේ රටේ සම්පත් පැවති රජය විදේශිකයින්යට විකුණුවා.

ඒ තුළින් ජනතා අප්‍රසාදය ඔවුන්ට ඇති වුණා.අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවේ හින්දු පුවත් පතට සදහන් කළා මේ රටේ කිසිම සම්පතක් විදේශිකයින්ට විකුණන්නේ නැහැ කියලා.මේවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයත් සමග අපිට ලැබුනු දේවල් කියලා අපි කියන්න ඕන.එතුමාගේ ජයග්‍රහණයක් සමග රට ජාතිය ආගම ත්‍රිවිධ රත්නයම ආරක්ෂා වුණා.එක්සත් ජාතික පක්ෂය බුද්ධ ධම්ම විතරයි තියෙන්නේ කිවුවා .සංඝ රත්නය නැහැ කිවුවා.

හැබැයි ජනතාව ඒවාට හොද පාඩමක් ඉගැන් වුවා.අපි ලබා ගත් බලය අර්ථාන්විත ලෙස ජනතා හිතවාදීව ලෙස ජනතා සුභ සිද්ධිය සදහා ගලා යාමට සැලැස්වීම අපේ වගකිමක් බව කිව යුතුයි.විශාල ණය කන්දක් එක්ක ලබා දුන් මේ පාලන බලය ජනතා බලා පොරොත්තු ඉටු වන පරිදි මල් පල ගැන්වීම සදහා කටයුතු කිරීමේ වගකීම මේ රජයට තිබෙනවා.

නමුත් අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දීලා තියෙන්නේ විධායක බලය විතරයි.පාර්ලිමේන්තුවේ බහුතර බලය එක්සත් ජාතික පක්ෂය සතුයි.ඒ නිසා අප්‍රේල් මාසයේ පවත්වනු ලබන පාර්ලිමේන්තු ඡන්දයේදී ව්‍යවස්ථාදායක බලය ප්‍රගතිශීලි පක්ෂ සියල්ල එකතු වෙලා නිර්මාණය කරනු ලබන  සන්ධානයට ලබා දිය යුතුයි.ඒ සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබාදීම සදහා මේ ආකාරයට අපි ජනතාව දැනුවත් කළ යුතු බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලය ලබා ගත් දා පටන් සුපිරිසිදු පාලනයක් ගෙන යනවා.අල්ලස දුෂණය පිටු දකිමින් රාජ්‍ය සේවකයින්ට අනවශ්‍ය දේශපාන බලපෑම්වලින් තොරව කටයුතු කරමින් ආදර්ශමත් නායකයෙක් ලෙස මේ රට ඉදිරියට ගෙන යනවා.එතුමා ලබා දුන් පොරොන්දු එකින එක ඉටු කරමින් යනවා.එය අපි අගය කළ යුතුයි.වැට් බද්ද අඩු කළා.

රටින් අල කව්පි කහ ඉරිගු ගෙන්වීම සම්පුර්ණයෙන්ම නතර කළා.අද මේ පළාත්වල කෘෂි කර්මාන්තයෙන් ජීවත් වන ජනතාවට විශාල අස්වැසිල්ලක් බවට එය පත් වෙලා තිබෙනවා.දැන් අපි පැහැදිලි ප්‍රතිපත්තියක් අර ගෙන තිබෙනවා අල රටින් ගෙන් වන්නේ නැහැ කියලා.ඒ තුළින් අපිට මනාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආර්ථික වැඩ පිළිවෙළ කෘෂි කර්මාන්තය ශක්තිමත් කිරීම සදහා වු එකක් බව පැහැදිලි වන බව ද අමාත්‍යවරයා පැවසීය.

ඉදිරි මහ මැතිවරණයට පෙර සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දෙනවා.දැන් එහි වයස් සීමාව අවුරුදු 35 සිට 45 දක්වා වැඩි කිරීමට රජය කටයුතු කළා. මාස දෙකට මේ රජය දියත් කළ වැඩ පිළිවෙළ මදිද කියලා දැන් අහන්න සිදු වෙලා තිබෙනවා.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඌව පරණගම ආසනයේ සංවර්ධන කමිටුවේ සභාපති වරයා ලෙස මාව පත් කරලා තිබෙනවා.

මේ ආසනයේ ජනතාවගේ සියලු සංවර්ධන කටයුතු පිළිබදව සොයා බැලීමේ වගකීම මට තිබෙනවා.දැන් සාමාන්‍ය පෙළ උසස් පෙළ අසමත් ලක්ෂයකට රැකියා ලබා දීමට කටයුතු කර තිබෙනවා.ඉදිරි මැතිවරණයෙන් පසුව විභාග සමත් තරුණ තරුණියන්ට රැකි රක්ෂා ලබාදීමට කටයුතු කරන බවත් ඒ සදහා විධායක බලය ලබා දුන්නා සේ ව්‍යවස්ථාදායක බලයත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහිතව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබාදීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා සදහන් කළේය.

අද එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල වශයෙන් අපිත් එක්ක එකතු වෙනවා.එක්සත් ජාතික පක්ෂය අද කැඩිලා බිදිලා සුනු විසුනු වෙලා ගිහිල්ලා තියෙන්නේ.නායකත්වය ගැන කුළල් කා ගන්නවා.එහෙම පක්ෂයක ජනතාව රැදි ඉන්නේ නැහැ.ජනතාවට ඉතා පැහැදිලිව වැටහී තිබෙනවා එක්සත් ජාතික පක්ෂයට තව අවුරුදු 25 කින් වත් මේ රටේ බලයට එන් බැහැ කියලා.ඒ නිසාම අද එක්සත් ජාතික පාක්ෂිකයින් අපිත් එක්ක එකතු වෙමින් යනවා.

ඒ අය අපි ආදරයෙන් පිළි ගත් යුතු බවත් අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කරමින් ශක්තිමත් රජයක් පිහිටුවීම බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තවදුරටත් සදහන් කළේය.

එක්සත් ජාතික පාක්ෂිකයින්ට කරුණු අවබෝධ කර දී ඔවුන් අපේ පාර්ශ්වයට එකතු කර ගත යුතුයි.ඒ සදහා අපි සියලු දෙනාම කටයුතු කළ යුතුයි.පසුගිය ඡන්දයේදී දෙමළ මුස්ලිම් ජනතාව අපිත් සමග එක්ව කටයුතු කළේ නැහැ.

අපි මෙවර දෙමළ මුස්ලිම් ජනතාවත් අපේ දේශපාලන ව්‍යාපාරයට එක් කර ගත යුතුයි.වතුකරයේ ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා ඉහළ නැංවීමට රජය කටයුතු කර ඇති බවත් මෙතෙක් පැවති රජයන් සියල්ල කරනු ලැබුවේ වතුකරයේ ජනතාව රැවටීම බවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔවුන්ට සමාජ සාධාරණත්වය ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පෝස්ටර් කටටුට් බැනර් වලින් තොරව පරිසර හිතකාමී ලෙස ආදර්ශවත්ව ගෙන ගියා.අපිත් එය ආදර්ශයට ගත යුතුයි.අපිත් මෙවර පෝසටර් කටවුට්වලින් තොර ඡන්ද ව්‍යාපාරයක් ගෙන යනවා.ඌව පරණගම සංවර්ධන කමිටුවේ සභාපතිවරයා වශයෙන් ප්‍රදේශයේ ජනතාවගේ සංවර්ධන ගැටළු විසදීමට මෙන්ම රැකි රක්ෂා ඇතුළු පොදු ප්‍රශ්න සදහා විසදුම් ලබාදීමට කැපවී කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

Scroll to Top