Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මත්ස්‍යයන් ඇල්ලිමට විෂ ශාක වර්ගයක් ඔයට දමා වැඩවරද්ද ගනියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ මත්ස්‍යයින් ඇල්ලිමට ඔයට ශාක වර්ගයක් උපයෝගි කරගෙන සකස් කරන ලද ද්‍රාවණයක් ඔයට මුසු කල සැකකරුවෙක් නොර්වුඩ්  පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කෙසෙල්ගමුඔයේ ජල මට්ටම අඩු වි ඇති නිසා නොර්වුඩ් ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් කෙසෙල්ගමුඔයේ වෙසෙන මත්ස්‍යයින් ඇල්ලිම සදහා උපක්‍රමයක් වශයෙන් අවරියා නැමති ශාක වර්ගයක් වැලි , හුණු සහ බැටරි ඇතුළු තවත් ද්‍රව්‍යය කිහිපයක්  සමග මිශ්‍ර කර කොටා සකස් කර  ජලයට මුසු කරන බවයි නොර්වුඩ් ප්‍රදේශවාසින් පවසන්නේ.

එම ශාක වර්ගය සකස් කර ගන්නා ලද මිශ්‍ර ද්‍රාවණය ජලයට මුසුවිමත් සමග කෙසෙල්ගමුඔයේ වෙසෙන මසුන් මත්වි ජලයේ පාවෙන බවත්, ඉන් අනතුරුව ජලයට එම ද්‍රාවණය මිශ්‍ර කල අය විසින් ජලය මත පාවෙන මත්ස්‍යයින් අල්ලා අලෙවි කරන බවයි නොර්වුඩ් ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

නොර්වුඩ් වෙන්චර් වත්ත ප්‍රදේශයෙන්  එම ද්‍රාවණය ජලයට මුසු කර ඇති අතර ද්‍රාවණය කෙසෙල්ගමුඔයට මුසු කල ස්ථානයේ සිට කාසල්රි ජලාශය දක්වාම කෙසෙල්ගමුඔයේ වෙසෙන මත්ස්‍යයින් මත් වි ජලය මත පාවෙමින් සිටි බවයි නොර්වුඩ් ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

එම ද්‍රාවණය ජලයට මුසු විමෙන් ඇතැම් මත්ස්‍යයින් සහ කෙසෙල්ගමුඔයේ වෙසෙන තවත් ජිවින් මිය යන බවද නොර්වුඩ් ප්‍රදේශාවාසින් කියා සිටියි.

නොර්වුඩ් වෙන්චර් ප්‍රදේශයේ වතු කම්කරුවන් විශාල පිරිසක් කෙසෙල්ගමුඔයේ මත්වෙමින් පාවෙමින් සිටි මත්ස්‍යයින් විශාල පිරිසක් අල්ලමින් සිටියදි නොර්වුඩ් පොලිසියේ නිලධාරින් එම ස්ථානයට  පැමිණෙන විට සැකකරුවන් පලාගොස් ඇත.

පාලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා නොර්වුඩ් පොලිසිය විසින් මෙහෙයුමක් දියත් කර ඇත.

Scroll to Top