Aboutceylon Online

එංගලන්තයේ කසළ කන්ටේනර් යළි එංගලන්තය ඉල්ලයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එංගලන්තයෙන්  ආනයනය කරන ලද අපද්‍රව්‍ය සහ කසළ අඩංගු කන්ටෙනර් සියල්ල යළි එංගලත්තයට  එවන්නැයි එංගලන්ත රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇත.

බාසල් සම්මුතියට අනුව මෙම ඉල්ලීම කර ඇති අතර, එංගලත්තය විසින් ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශයට එම ඉල්ලීම නිල වශයෙන් ඉදිරිපත් කර ඇති බවද පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යාංශ පවසයි.

එංගලන්තය ලංකාවට කසළ එවලා තිබෙන්නේ බාසල් සම්මුතිය උල්ලංඝනය කරලා. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. රජයකින් පූර්ව ලිඛිත අනුමැතියක් අරගෙනයි මෙවැනි කටයුතු කළ යුතු වෙන්නේ. නමුත් එංගලන්තය එහෙම කරලා නැහැ.

මේ සඳහා වෙනම නීති අවශ්‍ය නැහැ. බාසල් සම්මුතිය යටතේ එය කරන්න පුළුවන්. ඒ වගේම අද වනවිට ලංකාවට කසළ ගේන්න අවශ්‍ය නැහැ. 2013දී ඇති කරපු ආනයන අපනයන පාලන රෙගුලාසිවල ගැටලු තිබුණා. නමුත් 2017දී ඇති කරපු රෙගුලාසිවලින් ඒ ගැටලු අවම කළා. ඒ අනුව දැන් ලංකාවට කිසිම ආකාරයක කසළ ගේන්න බැහැ. සමහර අය අමුද්‍රව්‍ය ගෙන්වන මුවාවෙන් කසළ ගේනවා. අන්න ඒ වැරැද්ද අපි නිවැරදි කළ යුතුයි.

ඒ සඳහා ආනයන අපනයන පාලන පනතේ රෙගුලාසියකට ඒ බව ඇතුළත් කළ යුතුයි. අමුද්‍රව්‍ය
ලෙස හරියටම ගෙන්වන්න පුළුවන් මොනවාද කියන දේ හඳුනාගත්තොත් මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්” යැයි කියා සිටියේය. එංගලන්තයේ සිට කසළ කන්ටේනර් 111ක් මෙරටට ගෙන්වා ඇති බවත්, ඒවා මීට වසර තුනකට පමණ පෙර ගෙන්වා ඇති බවත් පසුගිය වසරේදී අනාවරණය විය.

පාවිච්චි කළ මෙට්ට ආනයනය කරන බව පවසමින් එම කසළ කටේනර්වල ශරීර කොටස් සහ සායනික අපද්‍රව්‍ය ගෙනැවිත් ඇති බවද එහිදී අනාවරණය විය. එම කසළ කටේනර් දිවයින්නේ කිසිදු ප්‍රදේශයකට ප්‍රවාහනය වළක්වාලමින් පසුගිය වසරේදී අධිකරණය අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කළේය

Scroll to Top