Aboutceylon Online

නවම් පුර පස‍ළොස්වක පෝය දිනය අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බුදුරජාණන් වහන්සේ සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ප්‍රථම වරට මහා සංඝ සන්නිපාතය සිදු වීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, ආයු සංස්කාරය අත්හැරීම යනාදි බුදු සසුනේ සහ බුද්ධ චරිතයේ උදාර සිදුවීම් රාශියක් සිදු වූ පූජනීය දිනයකි.

‘යො ධම්මං පස්සති සො මං පස්සති’ යනුවෙන් යමකු ධර්මයට වඳින්නේ නම් ඒ මට (බුදුරදුන්ට) වැඳීමක් වන්නේය යනුවෙන් වදාළහ. ධර්මය ප්‍රථම තැන තබා ජීවිතයට මෝක්ෂ මාර්ගය හෙළි කළේ සත්වයා සසරේ වැටී ඇති අගාධයෙන් ගොඩගැනීම උදෙසාය.

ප්‍රඥාවන්තයන් අරබයා දෙසූ දහම දුක්ඛ – සමුදය – නිරෝධ – මාර්ග යන චතුස්සත්‍ය නුවණින් දැක නිවන දකින්නටය. නවම් පුන් පොහොය අප දිවියට කඩඉමක් කර ගන්නේ ඒ හේතුව නිසාය.

මෙම මාසය චන්ද්‍ර මාස රටාවේ හැටියට එකොළොස්‌වන මාසය වන අතර දහවල් කාලය දැඩි හිරු රැස්‌ පතිත වී උණුසුමත් රැය තුළ ශීතල ස්‌වභාවයත් ඇති කරන්නේ ස්‌වභාව ධර්මය වෙනස්‌කම් පාමිනි.

 

Scroll to Top