ජාතික නිදහස් දිනයට සමගාමිව හැටන් නගරයේ තරුණ තරුණියන් පිරිසක් එක් වි ජාතික කොඩිය සවි කර රථ වාහන පෙලපාලියක් හැටන් නගර මධ්‍යයයේදි ඊෙය් (04) දින උදැසන පැවැත්විණ.
සැම වාහනයකම ජාතික කොඩිය ලෙල දෙන ආකාරයට සවි කර රථ වාහන පෙලපාලිය පැවැත් වු අතර එම තරුණ තරුණියන් පිරිස විසින් හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව ඉදිරිපටදි නගරය හරහා ගමන් ගන්නා සියළුම වාහන වල ජාතික ධජය මුද්‍රණය කරන ලද ස්ටිකර් නොමිලේ වාහන වලට ඇලවිමක්ද සිදු කරන ලදි.