අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ වැලිමඩ දිවි තොට වෙල පැවති ජන හමුවකදී අදහස් පළ කරමිනි.
මෙහිදි එක්සත් ජාතික පාක්ෂිකයින් එම පක්ෂයේ තරුණ හා කාන්තා බල මණ්ඩල නිලධාරීන් සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් රජයට සහයෝගය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් විය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ද සදහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයෙන් විශාල පිරිසක් අපිත් සමග දේශපාලන ගමනක් යාමට හදවතින් ම එක්වී තිබෙනවා.අපි ඔබ තමුන්නාන්සේලාව අපේ දේශපාලන ගමන සමග එක් කර ගත්තේ මුදල් දීලාවත් අල්ලස් දීලාවත් නොවෙයි.අපි දැන් කළ යුතු එකම දෙය ඥානාන්විතව මේ රට ගොඩ නගන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන යන වැඩ පිළිවෙළට සහයෝගය ලබාදීමයි.ඔබ එක්සත් ජාතික පක්ෂයේ සිට පැමිණියේ පෞද්ගලික ලාභ අපේක්ෂා බලාපොරොත්තුවෙන් නොවෙයි.
රට ගැන හිතලයි.ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ අලුත් වෙනසක් ඇති කරලා නව මාවතකට ශ්‍රී ලංකාව ගෙන යාම සදහා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද ඉදිරිපත් වෙලා තිබෙනවා.එතුමාගේ දර්ශනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදුජන පෙරමුණේ අයට පමණක් නොවෙයි සමස්ත ශ්‍රී ලාංකිකයින්ම ආකර්ශනය කර ගන්නා වැඩ පිළිවෙළක් බවට පත් වෙලා තිබෙනවා.
එතුමා ඉදිරිපත් කර තිබෙන්නේ පටු දේශපාලන භූමිකාවක් සහිත දර්ශනයක් නොවෙයි.පුළුල් වු දර්ශනයක් බව කිව යුතුයි.එතුමාට අවශ්‍ය මේ අපේ රට අද පත් වෙලා තිබෙන අරාජික තත්වයෙන් මුදවලා ජනතාවට අවශ්‍ය සහන ලබාදීමයි.කැඩී බිදි විනාශ වී සුනු විසිනු වී ගිය ආර්ථිකය ගොඩ නැංවීම එතුමාගේ අරමුණයි.
තරුණ තරුණියන් සදහා රැකියා උත්පාදනය කළ යුතුයි.මේ සියලු අභියෝග අද රට හමුවේ තිබෙනවා.ඒ සියල්ල ජයග්‍රහණය කිරීමට අපි ජනාධිපතිතුමාට ශක්තියක් විය යුතුයි.විධායක බලය තුළින් පමණක් රටක් පාලනය කරන්න බැහැ.විධායකය සමග ව්‍යවස්ථා දායකයත් සවිමත් කරන ශක්තිමත් කරන ව්‍යවස්ථාදායකයක් අපිට රටට අවශ්‍යයි.
ඒ විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ ශක්තිමත් සුසංයෝගයකින් රට ඉදිරියට ගෙන යා හැකියි.ඒ සදහා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ශක්තිමත් බලයක් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි.19 වන ව්‍යවස්ථා සංශෝධනය වැනි ව්‍යවස්ථා සංශෝධන පිළිබදව නැවත සිතා බැලිය යුතු කාලයක් එළඹිලා තිබෙනවා.
19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් රට ජනතාව බලාපොරොත්තු වු ප්‍රතිඵලය ලැබිලා නැහැ.අද බොහෝ ආයතන අපි බලාපොරොත්තු වුනු පරිදි ස්වාධිනතාවය හෝ රටේ ජනතාව අපේක්ෂා කළ පරිදි ප්‍රසාදයට පත් වෙලා නැහැ.ඒ පිළිබදව අලුතින් හිතලා 19 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නිසි කාලය ඇවිත් තිබෙනවා.
මේ රටේ ජනතාවට ආරක්ෂාව සැලසීම බුද්ධ ශාසනය ඇතුළු අනෙකුත් ආගම් රැක ගැනීම ඒවාට අවශ්‍ය පහසුකම් ලබාදීම මේ රටේ තරුණ තරුණියන් අපේක්ෂා කළ පරිදි රැකියා උත්පාදනය කර දීම අපිට රජයක් ලෙස අද මුහුණ දීමට තිබෙන අභියෝග බවට පත් වෙලා තිබෙනවා.ඒ වගේම විශාල ණය බරක් ගෙවීමේ අභියෝගය අපි ඉදිරියේ තිබෙනවා යැයි ද අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා නීතියේ අධිපත්‍යය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්ථාපිත කරමින් අධිකරණ ක්‍රමය තුළ ප්‍රමාදයන් වළක්වාලමින් යුක්තිය පසිදලීම පිළිබදව ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරිම අපිට තිබෙන අභියෝගයක් බවට පත්ව තිබෙන බවත් කෘෂි කර්මාන්තයේ නියැලෙන ජනතාවගේ ජීවන වෘත්තිය සවිමත් කිරීම මෙන්ම සමස්ත රටේ ජනතාවගේ ජීවන වෘත්තිය ශක්තිමත් කිරීම රජය හමුවේ පවතින අභියෝගයක් බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ රට තුළ නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදන විදේශ රට වලින් ගෙන්වීම තහනම් කිරීමට රජය කටයුතු කර තිබෙනවා.අල බඩ ඉරිගු පිට රටන් ගෙන්වීම නතර කළ යුතුයි. අපේ රටේ නිෂ්පාදනය කරනු ලබන දේවල් රටින් ගෙන්වීම නතර කර අපේ ගොවියා දේශීය කෘෂි කර්මාන්තය ශක්තිමත් කරනු ලබන ජනතා හිතවාදී ගොවියා ශක්තිමත් කරන ගොවිජන ප්‍රතිපත්තියක් කෘෂි කාර්මික ප්‍රතිපත්තියක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය විසින් ක්‍රියාත්මක කර ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.
අද මුළු රටම විනය ගරුක රටක් බවට පත් කරන්න සිදු වෙලා තිබෙනවා.වාහනයක් පද වන විට මාර්ගයේ ගමන් කරන විට විනය ගරුකව ඒවා සිදු කළ යුතුයි.ඒ විනය ගරුක බව රට තුළ ඇති කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නායකත්වය ලබා දෙන බවත් ඒ නිසාම පක්ෂ පාට භේද අමතක කර දමා එතුමා වටා ඒකාරාශි විය යුතු බවත් එසේ සිදු කළහොත් රටක් ලෙස ඉදිරියට යා හැකි බවත් සදහන් කළ අමාත්‍යවරයා පැවසුවේ ඒ සදහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බවයි.
රජය සමග ගමනක් යාමට එක් වු එක්සත් ජාතික පාක්ෂිකයින් සියලු දෙනාටම ස්තුතිය පුද කරන බවත් සියලු එක්සත් ජාතික පාක්ෂිකයින් ආදරයෙන් ගෞරවයෙන් පිළි ගන්නා බවත් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර දීම සදහා තමන් මෙන්ම රජය කැපවීමෙන් කටයුතු කරන බවත් සියලු එක්සත් ජාතික පාක්ෂිකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයින් හා සමානව පිළි ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ රට තුළ රැකියා විරහිතව සිටින සියලු උපාධිධාරීන්ට බාහිර අභ්‍යන්තර භේදයකින් තොරව රැකියා ලබාදීමට රජය තීරණය කර ඇති බවත් සාමාන්‍ය පෙළ අසමත් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩ පිළිවෙළ ආරම්භ කර ඇති බවත් උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග සමත් තරුණ තරුණියන් සදහා රැකියා ලබාදීම ඉදිරි අය වැයෙන් පසුව ආරම්භ කරන බවත් හෙතෙම සදහන් කළේය.
වත්මන් රජය වතු කරයේ ජනතාව පිළිබදව වැඩි අවධානයකින් කටයුතු කරනවා.ඔවුන් සදහා දිනක වැටුප රුපියල් දහසක් කිරීමට මේ වන විට අවශ්‍ය නියෝග ලබාදී තිබෙනවා.වැටුප් වැඩි කර ඔවුන්ගේ තත්වය ඉහල දැමීම සිදු කරනවා සේම එම ජනතාවගේ නිවාස ඇතුළු අනෙකුත් පහසුකම් ඉටු කර දීමට අවධානය යොමු කොට ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.